අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය හා තන්තිරිමලේ කේන්ද්‍ර කර ගනිමින් ආගමික වැඩසටහන් රැසක්- විශේෂ ආරක්ෂක වැඩසටහන්

    ජූනි 19, 2016

    පොසොන් පෝයට සමගමීව මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය හා තන්තිරිමලේ කේන්ද්‍ර කර ගනිමින් බෞද්ධ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

    ආමිෂ හා ප්‍රතිපත්ති පූජා ලෙස බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම අගමික කටයුතු සිදු කෙරේ.


    රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය හා  තන්තිරිමලේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු  ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සඳහන් කළේ ය.


    දඹදිව සිට මිහිදු මා හිමියන් මෙරටට වැඩම කිරීම සිහිකරන 2323 වන  පොසොන් උත්සවය මෙවර සැමරේ. මෙවර පොසොන් උත්සවයේ දී පරිසර සුරක්ෂිතාව පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වා තිබේ.

     

    පානීය ජල මූලාශ්‍ර අපවිත්‍රවීම වැලක්වීමට තිසා වැව හා නුවර වැව ස්නානය කිරීමට  හා රෙදි සේදීමට  තහනම් කිරීමේ තීරණයක් ගෙන තිබේ. එමෙන් ම අනෙකුත් ජලාශවල ජීවිත ආරක්ෂක කණ්ඩායම් යොදවා තිබේ.කුණු කසළ බැහැර කිරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහන දැඩිව ක්‍රියාත්මක කෙරෙන අතර මත්පැන් අලෙවිය ජූනි 22 දින දක්වා තහනම් කර තිබේ.බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්, සහ පොලිස් නිලධාරීන් 4000කට ආසන්න පිරිසක් රාජකාරීවල නිරත වෙති.

    සනීපාරක්ෂ පහසුකම් සඳහා අවශ්‍ය පියවර ගෙන තිබේ.මෙවර ද අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා නොමිලේ දුම් රිය සේවය ක්‍රියාත්මක කෙරේ.පානීය ජලය ලබදීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් සිසිල් ජල බවුසර් ස්ථනගත කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya