අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 09ක විදේශ මුල්‍ය ප්‍රතිපාදන - රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

    ජූනි 19, 2016

    2016 වසර අවසන් වීමට පෙර මෙරටට ඩොලර් බිලියන 09ක විදේශ මුල්‍ය ප්‍රතිපාදන ලැබීමට නියමිත බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පසුගියදා වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා,

    මේ වන විට විදේශ ආයෝජන සහ විදේශ මුල්‍ය ප්‍රතිපාදන ලැබීම් ඉහල ගොස් ඇති අතර ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පහුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මේ වසර අවසන් වන විට විනිමය පාලන නීති රීති ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවයි.

     

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.2ක්, චීනයෙන් ඩොලර් බිලියන 1.5ක් වෙනත් රටවලින් ඩොලර් බිලියන 1ක් සහ ජපන් සමුරායි බැදුම්කර මගින් රුපියල් බිලියන 1..2ක් සහ සංවර්ධන බැදුම්කර මගින් තවත් ඩොලර් බිලියන 03ක් ශ්‍රී ලංකාවට ආසන්න කාලසීමාව තුල ලැබීමට නියමිතයි. මෙම විදේශ මුල්‍ය ලැබීම් ශක්තිමත් වීම හේතුවෙන් රුපියල තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බව මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා.

     

    මේවන විට ඩොලරයක් සඳහා ගෙවියයුතු රුපියල් ප්‍රමාණය සටහන් වන්නේ 145ක් ලෙසයි. මේ වසරේ වෙළඳ ශේෂ හිගය 10.5 % කින් අඩු වීමත් විශේෂත්වයක්. පසුගිය වසරේ මුල් මස දෙක තුල ඇමරිකානු ඩොලර් මිලියන 1391.5ක් ලෙස සටහන් වූ වෙළඳ හිගය මේ වසරේ මුල් මාස දෙකේදී ඇමරිකානු ඩොලර් මිලියන
    1245.8ක් දක්වා අඩු වී ඇති බවයි. මහා බැංකුව නිකුත්කළ නවතම වර්තාවක දැක්වෙන්නේ.

     

    මේ අතර රජය මගින් රුපියල් බිලියන 300කට අධික මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සහ තවත්පෞද්ගලික ආයෝජන මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති 53ක් කඩිනම් කිරීමට පියවරගෙන ඇති බව දජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

     

    සංචාරක ක්ෂේත්‍රයට අදාල හෝටල් ඉදිකිරීම, සංචාරක කලාප ඇති කිරීම සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය,කොළඹ - රත්නපුර සහ කොළඹ- මහනුවර අධිවේගී මාර්ග, දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන අධියර,කොළඹ පිටත වටරවුම් මාර්ගය යන මහා පරිමාණ ව්‍යාපෘති මෙම කඩිනම් ව්‍යාපෘති ලැයිස්තුවට ඇතුළත්.

     

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ව්‍යාපෘති අධීක්‍ෂණ සහ කළමනාකරණ දෙපාර්තමේන්තුව, රජයේ ආර්ථික කමිටුවේ ජාතික මෙහෙයුම් මැදිරිය සමග ඍජුව සම්බන්ධිකරණය වෙමින් අවශ්‍ය කටයුතු සිදු කරන බව එම මෙහෙයුම් මැදිරියේ සම සභාපති රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya