මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන්ගෙන් සියයට 50කට දන්ත ගැටලු-අක‍්‍රමවත් සීනි පරිභෝනය,පැණි බීම පානය කිරීම දත් දිරායෑමට හේතුවක්

    ජූනි 18, 2016

    ඕනෑම වයස් කාණ්ඩයක පාසල් දරුවන්ගෙන් සියයට 50 ක් දන්ත ගැටළු වලට මුහුණ දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    වයස අවුරුදු 5-6 අතර දරුවන්ගේ දත් දිරායාම සියයට 60% ක් ද  වයස අවුරුදු 12 දරුවන්ගේ දත් දිරායාම සියයට 40% ක්  ලෙස වාර්ත වී ඇත.   

    වයස අවුරුදු 15-18 ත් අතර දරුවන් විදුරුමස් රෝගයට හා දත් දිරායාමට බහුල වශයෙන් ගොදුරු වී  සිටිති. මේ සදහා බලපා ඇති හේතු ලෙස හදුනාගෙන ඇත්තේ අක‍්‍රමවත් සීනි පරිභෝනය,පැණි බීම වර්ග පානය කිරීම සහ නිසි ආකාරව දත් නොමැදීම යන කරුණූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    පාසල් දන්ත සායන සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය  අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අතර එහිදී මෙම
    කරුණූ අනාවරණය විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya