මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දන්ත සායන පාසල් සෞඛ්‍ය මධ්‍යස්ථාන ලෙස නව මුහුණුවරකින් සංවර්ධනය කිරීමට පියවර- වෙන්කළ මුදල රුපියල් මිලියන 250ක්

    ජූනි 19, 2016

    පාසල් දන්ත සායන සංවර්ධනය කිරීමට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    දැනට දිවයින පුරා පාසල් දන්ත සායන මධ්‍යස්ථාන 536 ක් ක‍්‍රියාත්මක වෙයි. ඉන් 306 ක් අළුත්වැඩියා කළයුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කරයි.


    දන්ත සායන අළුත්වැඩියා කිරීමේදී නව මුහුණුවරකින් ''පාසල් සෞඛ්‍ය මධ්‍යස්ථාන” ලෙස ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත. එම මධ්‍යස්ථානය තුළ වෛද්‍ය පරීක්ෂණ,ප‍්‍රජනක සෞඛ්‍ය, ක‍්‍රීඩා වෛද්‍ය, දන්ත සේවා, උපදේශන සේවා  ප‍්‍රධාන වශයෙන් ක‍්‍රියාත්මක කෙරේ.

     

    මෙම එක් පාසල් දන්ත සායන මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරිම සදහා වැය කරන මුදල රුපියල් මිලියන 4.8 කි.මෙහි පළමු අදියර යටතේ පාසල් දන්ත සායන 76 ක් සංවර්ධනය කෙරේ.දන්ත සායනවලට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 250 කි. මෙම පාසල් දන්ත සායන මධ්‍යස්ථාන සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ, කාර්ය මණ්ඩලය සහ ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya