අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර නිවාස වැඩසටහන වෙනුවෙන් මුල්‍යමය ආධාර පිරිනැමේ

    ජූනි 17, 2016
    තෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි කොරියානු ජාතික ධීවර සමුපකාර සම්මේලනයේ සභාපති Kim Im kweon මහතා විසින් ධීවර නිවාස වැඩසටහනේ මුලික පියවර ආරම්භ කිරීම සදහා වන ආධාර මුදල ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත පිරිනමන ලදී .
    මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබද සොයා බැලීමට තංගල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වූ කොරීයානු නියෝජිත කණ්ඩායම එම සංචාරය අතරතුර මෙම ආධාර පිරිනැමිය.
     
    ඒ අනුව නිවාස 30 ක් ඉදිකිරීම සදහා මුල්‍යමය ආධාර පිරිනැමිය.  මෙලෙස ඉදිකෙරෙන එක් නිවසක් සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල්  550,000 ආසන්නය. නිවසක තිබිය යුතු මුලික පහසුකම් වලින් සමන්විත වන පරිදි මෙම නිවාස ඉදිකිරීමට සැලසුම් කර තිබේ .
     
    මෙම ධීවර නිවාස වැඩපිළිවෙල අදියර ගණනාවක් යටතේ ක්‍රියාත්මක කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සැලසුම් කර ඇත. ඒ අනුව මෙලෙස පිහිටුවන සෑම නිවාස යෝජනා ක්‍රමයක්  තුලම පදිංචි ධීවර ජනතාව අතරින් තෝරාගන්නා කණ්ඩායම් වාර්ෂිකව කොරියාවට යවා ඔවුන්ට ධීවර කර්මාන්තය පිළිබද පුහුණුව හා නවීන තාක්ෂණය පිළිබද දැනුමක් ලබා දීමේ වැඩ පිළිවෙලක් කොරියානු ජාතික ධීවර සමුපකාර සම්මේලනය හා සම්බන්ධ වී ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා කියා සිටියේ මෙම වැඩපිළිවෙලට පුර්ණ සහය ලබා දෙන බව කොරියානු ජාතික ධීවර සමුපකාර සම්මේලනයේ  සභාපති Kim Im kweon මහතා පැවසු බවය . 
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya