අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෝමවංශ අමරසිංහ මහතා නිහතමානී,දයාබර මිනිසකු ලෙස ප්‍රකටය- අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ

    ජූනි 17, 2016

    පාක්ෂික සහෝදර ජනතාවගේ සහ අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ සෝමවංශ අමරසිංහ මහතා නිහතමානී,දයාබර මිනිසකු ලෙස ද ප්‍රකට වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභවප්‍රාප්ත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක, අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතා වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.


    නිකුත් කළ ශෝක පණිවුඩය මෙසේ ය

    නූතන දියුණු ලෝකය තුළ යහපත් සමාජ වෙනසක් වෙනුවෙන් දේශපාලනිකව කටයුතු කිරීමේ හොඳම මඟ ප්‍රජාතන්ත්‍රවාදය බව වටහා ගනිමින්, එකී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට ජනතා විමුක්ති පෙරමුණ යොමු කරන්නට සෝමවංශ අමරසිංහ මහතා කැප වී කටයුතු කිරීම අප අගය කළ යුතු ය.

     

    1990 වසරේ සිට 2014 වසර දක්වා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකවරයා වශයෙන් කටයුතු කළ ඔහු පක්ෂය නැවත නඟා සිටුවන්නට විශේෂ කාර්යභාරයක් ඉටුකළ බව අමතක කළ යුතු නොවේ. සමස්ත ජීවිතය පුරාම දේශපාලනය අත්නොහැරි ඔහු මිය යන විට ජනතා සේවක පක්ෂයේ නායකයා ව සිටියේය.

    ‘සිරි අයියා’ ලෙසින් පාක්ෂික සහෝදර ජනතාවගේ සහ අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ සෝමවංශ අමරසිංහ මහතා නිහතමානී, දයාබර මිනිසකු ලෙස ද ප්‍රකට ය. සෝමවංශ අමරසිංහ මහතාගේ අභාවය වෙනුවෙන් මාගේ සාතිශය සංවේගය පළ කර සිටිමි.

     

    රනිල් වික්‍රමසිංහ

    අග්‍රාමාත්‍ය

    2016 ජුනි 17

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya