අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය නීතියට ඇඟිලි ගහන්නේ නැහැ -අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    ජූනි 18, 2016

    ආණ්ඩුව නීතියට ගරු කරන ආණ්ඩුවක්. නීතියට ඇඟිලි ගහන්නේ නැහැ යැයි  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ගාල්ල බලපිටිය ජනතා හමුවක්  අමතමින් ප්‍රකාශ කළේ ය.


    සාමාන්‍යයෙන් දේශපානඥයින්ට මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව තම ජනතාව මතකයට එන්නේ ඊලඟ මැතිවරණය පැමිණි පසුව බව ජනතාව තුළ පවතින මතයක්. එහෙත් ‍යතාර්ථවාදී දේශපාලනයේ යෙදෙමින් ජනතා සේවයේ යෙදෙන අතලොස්සක් තරම් දේශපානඥයින් ද රටේ නැතුවාද නොවේ.

     

    පසුගියදා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා බලපිටිය මැතිවරණ බලප්‍රදේශයේ ජනතා හමු කිහිපයක්  පැවැත්වූ අතර  ජනතාව වසර ගණනාවක සිට මුහුණදෙන රැකියා ප්‍රශ්ණය, මාර්ග දුෂ්කරතාව, පාසල් වල පවතින ගුරු හිඟය ඇතුළු  සෙසු අධ්‍යපණ ගැටලු මෙන්ම ජනතාවගේ අනෙකුත් අවශ්‍යතා පිළිබඳව මැනවින් විමසා සිටි අතර අනතුරුව ජනතාවට ඒ ගැටලු විසඳීමට පවතිව බාධා සොයාබලන ලදී.  


    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා, සරත් ෆොන්සේකව හිරේ දැම්ම වගේ, ශිරාණි බණ්ඩාරනායකව ධූරයෙන් ඉවතට දැම්ම වගේ අපට බැහැ ඒ හොරු අත්අඩංගුවට අරන් තවත් මහින්ද රාජපක්ෂ යුගයක් බවට මේ රජය පත්කරන්න. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ නිවැරදි ක්‍රමයට ඒ අය වැරදිකරුවන් බව ඔප්පු කරල නිසි දඬුවම් ලබාදීමයි. එහිදී රජය නීතියට ඒ කාර්යය කරන්න බාරදීල ඉවසන් ඉන්නවා. අපිට බැහැ මහින්ද රාජපක්ෂ යුගයේ වගේ නීතිය ක්‍රියාත්මක කරන්න. මේ ආණ්ඩුව නීතියට ගරු කරන ආණ්ඩුවක්. රජය නීතියට ඇඟිලි ගහන්නේ නැහැ.”


    “ මේ රටේ ශබ්ධ කෝෂයෙන් උදාගම් සංකල්පය රණසිංහ ප්‍රේමදාස යුගයෙන් පසුව නැතිව ගියා. නමුත් දැන් නැවත ඒ සංකල්පය අපේ රටට ලැබිල ඉවරයි. සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා පියාගේ අඩිපාරේ යමින් ඒ සත්කාර්යය හරිහැටි ඉටුකරනවා. බෙන්තර - ඇල්පිටිය ආසනයෙත් මේවනවිට උදාගම් ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මකයි. බලපිටිය ආසනයේ ඒ සඳහා රජයේ ඉඩම් නැහැ. ඒනිසා ඉදිරියෙදි අපි බලා‍පොරොත්තු වෙනවා තමන්ගේ ඉඩම් තියන නමුත් ගෙයක් හදාගන්න හැකියාවක් නැති ජනතාව සොයා ඒ ඉඩම්වල නිවාස ඉදිකිරීමට. ඒවගේම රටේ තිබෙන රැකියා ගැටලුව විසඳන්න රජයේ රැකියා ලබාදීමෙන් පමණක් නොහැකි බව අපට හැඟී තිබෙන නිසා සුදුසුකම් වලට ගැලපෙන පෞද්ගලික අංශයේ හොඳ රැකියා උත්පාදනයට කටයුතු යොදා තිබෙනවා. ඒ අතරෙදි රජයේ රැකියා ලබාදීමත් සිදුකරනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya