අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා අනුව හඳුනාගෙන ඔවුන් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ දක්ෂයින් කරනවා- ක්‍රීඩා අමාත්‍ය

    ජූනි 18, 2016

    පාසල් දරුවන්ව  ඔවුන්ගේ සුවිශේෂී ක්‍රීඩා දක්ෂතා අනුව හඳුනාගෙන ඉදිරියට ඔවුන්ව ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ දක්ෂයින් බවට පත්කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසී ය.

    අනාගතයේ ජාත්‍යන්තර තරඟාවලිය සඳහා සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින් එහි මුල් පියවර ලෙස  පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුවිශේෂී විද්‍යාත්මක ක්‍රමවේදයකට භාජනය කර  ඔවුන්ට ගැලපෙන ක්‍රීඩාවන් හඳුන්වාදී  ඔවුන්ව ඉදිරියට ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බවද අමාත්‍යවරයා කීය.

     

    අමාත්‍යවරයා එසේ ප්‍රකාශකලේ,ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ සියළුම පළාත් සහ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා හඳුනාගැනීමේ වැඩමුළුවට සහභාගී වෙමිනි.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මලල ක්‍රීඩා පමණක් නෙමෙයි අනෙකුත් ක්‍රීඩාවන් සම්බන්ධයෙනුත් පාසල් ක්‍රීඩා දරුවන් පාසල් අවසානයෙන් පසුව වියැකිලා යනවා.

     

     සමහර දරුවන් තමන්ට ක්‍රීඩාවෙන් ඉදිරියට යාම පිළිබඳව ඉච්චාභංගත්වයට පත්වීමෙන් ක්‍රීඩාව ඇත හැරලා දමනවා. ඒ ඒ ක්‍රීඩාව සම්බන්ධයෙන් දරුවන්ව හඳුනාගැනීමේ ක්‍රමවේදයක් අපිට තිබුනේ නෑ.

     

     ඒ නිසා අපි අකිල විරාජ් කාරියවසම් ඇමැතිතුමාත්, මලික් සමරවික්‍රම මැතිතුමාත් එකතුවෙලා සකච්ඡා කරලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් ඛලා. ඉන් පසුව ජනාධිපතිතුමාගේ  අගමැතිතුමාගේ උපදෙස් පරිදි වෙනම කමිටුවක් පත් කරලා තීන්දු තීරණ අරගෙන මේ ක්‍රියාදාමය දියත් කළා.

     

    මෙම ක්‍රියාදාමය ආරම්භකිරීමේදී විවිධ ගැටළු , චෝදනා පැන නැගුනා. නමුත් අපේ පරමාර්ථය වුනේ පාසල් දරුවෝ ටික අරගෙන ඔවුන්ව හඳුනාගෙන අනාගතයේදී ඔවුන්ව දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පත්කරන්න. ඔවුන්ගේ ඒ ඒ දක්ෂතා හරියට හඳුනාගැනීමට මේ වැඩපිළිවෙල අපිට විශාල වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා.අනාගතයේ ජාත්‍යන්තර තරඟාවලි සඳහා සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින් එහි මුල් පියවර ලෙස තමයි පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුවිශේෂී විද්‍යාත්මක ක්‍රමවේදයකට භාජනය කරලා  ඔවුන්ට ගැලපෙන ක්‍රීඩාවන් හඳුන්වාදීලා ඔවුන්ව ඉදිරියට ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළේ.  සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර් මුලින්ම ටෙනිස් ක්‍රීඩාවේ යෙදුනු කෙනෙක් නමුත් ඔහුව නියම ලෙස මේ ක්‍රමවේදයට භාජනය කිරීමෙන් හඳුනාගැනීමට හැකි වුනා, ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ බව. අද අපට පැහැදිළිවම ඒ වෙනස  දැකගන්න පුළුවන් වෙනවා.

     

    අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය. මේ වැඩපිළිවෙල අපේ රටට   වසර ගණනාවක් මුළුල්ලෙහි ඉඳන් තිබුණු අවශ්‍යතාවයක්.නමුත් මනාව ක්‍රියාත්මක වෙලා තිබුනේ නෑ.  මීට පෙර ක්‍රීඩා අමාත්‍යංශයත් අධ්‍යාපන අමාත්‍යංශයත් ක්‍රීඩාවට රණ්ඩුවෙන තැනක හිටියේ . නමුත් මේ ක්‍රියාදාමය හරිහැටි බෙදාගෙන කටයුතු කරොත් මේ ගැටළු විසඳගෙන වැඩකරන්න පුළුවන්. මීට පෙර ක්‍රීඩා සංගම්වල පැවතුණු ගැටුම් අපි ඇතිවෙන්න දෙන්නේ නෑ. ඉදිරියට අපි ඒ සංගම් කැඳවලා සුහදව එකට වැඩකරගෙන යාමේ වැඩපිළිවෙලක් සකස් කරනවා. මේ කටයුතු  කරගෙන යෑම සම්බන්ධව ක්‍රීඩාවේ ඉහල සිට පහල දක්වා හොඳ දැනුමක් තියෙන සුනිල් ජයවීර මහතාට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. එතුමා මෙම ක්‍රියාදාමයට සම්බන්ධවීමෙන් අපිට තිබුණු බාදක විශාල ගණනක් නැතිකරගනීමට හැකිවුනා.

     

    මීට පසුව ක්‍රීඩාව සම්බන්ධව කකුලෙන් ඇදිලි සිද්දවෙන්නේ නෑ.  පාසල් ක්‍රීඩා සංගම් හා ජාතිකක්‍රීඩා සංගම් අතර ඇතිවූ ගැටළු සිද්ධ නොවීමට අපි කටයුතු කරනවා.  ක්‍රීඩා නිලධාරීන් විදේශගතවීම් සම්බන්ධව ගැටලුවක් තිබුනා. මින් පසුව නිසි ක්‍රමවේදයක් යටතේ ලකුණු මට්ටමක් ලබාදී ඔවුන්ව විදේශ පුහුණුවීම් සඳහා යොමුකිරීමට මම කටයුතුකිරීමට බලාපොරොත්තුවෙනවා.


    ඒ වගේම මේ  වැඩසටහන යටතේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරපු ගමේ ක්‍රීඩා පුහුණුකරුවන්ට අමාත්‍යාංශයෙන් ලබාදෙන දීමනාවෙන් 50% කොටසක් ගෙවන්න කටයුතු කරනවා . එවිට ග්‍රාමීය දක්ෂතා දක්වන දරුවන් නගරයේ පුහුනුකරුවන් යටතට පැමිණීමේදී ඇතිවෙන   ගැටලුවට සාධාරණ විසඳුමක් ලැබෙනවා. එමනිසා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන්  ක්‍රීඩාව මේ රටේ යම්කිසි සන්දිස්ථානයකට ගෙනඒමට හැකිවෙයි කියා විශ්වාස කරන බවද අමාත්‍යවරය කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya