අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා ප්‍රශ්න සාකච්ඡා කිරීමට ආණ්ඩුවක් ලෙස ඕනෑම අවස්ථාවක සූදානම්

    ජූනි 17, 2016

    ව්‍යාපාරික ප්‍රජාවට බලපා ඇති ප්‍රශ්න සඳහා සිකුරාදා අද (17) සාකච්ඡා කර  විසඳුම් ලාබාදීමට තමන් සූදානම් බවත් ජනතා ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට අප ආණ්ඩුවක් ලෙස ඕනෑම අවස්ථාවක සූදානම් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල වාණිජ හා කර්මාන්ත මණ්ඩල ගොඩනැගිල්ල අසල දීය.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා,

    “මුදල් අමාත්‍යවරයාට මම දුරකථනයෙන් කථාකර මෙවැනි ප්‍රශ්නයක් ඇති බවත් ඒ පිළිබඳව සාකච්ඡා  කළ යුතු බවත් පැවසුවා. කෙසේ හෝ ඊයේ (15) තිබූ කාර්යය බහුලත්වයත් සමඟ සවස 6.30 ට මුදල් අමාත්‍යාංශයේදී මුදල් අමාත්‍යතුමත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාත් සමඟ අපි සාකච්ඡා කළා. එයට පෙර වෙළඳ සංගමයේ පිරිසක් අප සමඟ අමාත්‍යාංශයේදී සාකච්ඡා කළා. එහිදී ඔවුන්ගේ ප්‍රධාන කරුණු 03 ක් තිබුණා. දැනටමත් වැට් බදු ගෙවන පිරිසක් ඉන්නේ. ඔවුන්ගේ එක ඉල්ලීමක් තමයි මෙහි තිබෙන සංකීරණභාවය ඉවත් කරලා ගෙවීමට ඇති පහසු මාර්ගයකට අවතීරණය වන ලෙස. දෙවෙනි කරුණ වැට් සති දෙකකට වරක් නොගෙවා, එම කාල සීමාව යම් කිසි සංශෝධනයක් ඇති කර දෙන ලෙසයි.

    තුන්වන කරුණ කොටසක් වැට් ගෙවීම සහ කොටසක් වැට් නොගෙවීම නිසා ව්‍යාපාර අතර ඇති තරඟයේදී පිරිසකට සිදුවන අසාධාරණයයි. මෙය සාධාරණ ඉලක්කයක් වෙත ගෙන ඒම යන කරුණු 03 මුදල් අමාත්‍යාතුමා, අමාත්‍යාංශ ලේකම්තුමා සමඟ අපි සාකච්ඡා කළේ. මුදල් අමාත්‍යතුමා අදම (16) සාකච්ඡා කරමු කියලා කිවුවා. නමුත් වෙළඳ සංගමයට අද නොහැකි බව ප්‍රකාශ කළා.

     

    ඒ නිසා සිකුරාදා දින (17) දහවල් 01.00 අදාළ බලධාරීන් සියලු දෙනා සහභාගී වනවා. වෙළඳ සංගමයත් ඒ සඳහා සහභාගී වෙනවා. අනෙකුත් වාණිජ මණ්ඩලවල සාමාජිකයින්ද සහභාගී විමට අවස්ථාව තිබෙනවා. ඊයේ (16) සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මම මේ පිළිබඳව දැනුවත් කළා. මුදල් අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කර මේ ප්‍රශ්නය විසාඳා ගන්නා ලෙස එතුමා මට උපදෙස් දුන්නා. මාත් සමඟ ඊට පෙර සකච්ඡා කළා නම් මේ සඳහා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා දෙන්න පුළුවන්. ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට අපි ආණ්ඩුවක් ලෙස අවස්ථාව සලසා තිබෙනවා. අපි ඒ සඳහා ඕනෑම අවස්ථාවක සුදානම්. සියලු ප්‍රශ්න හෙට සිකුරාදා දින (17) සාකච්ඡා කර විසඳුම් ලබා දීමට අපි බලාපොරොත්තු වනවා.  බොරුවට කඩවල් වසන්නේ නැතුව සාර්ථක ලෙස ව්‍යාපාරික කටයුතු සිදුකරන ලෙස මගේ ආදරණීය ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා “ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya