අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි ආපදාවලින් විපතට පත්වූවන්ට ණය වාරික ගෙවීමට සහන කාලයක්

    ජූනි 18, 2016

    ජල ගැලීමෙන්, නාය යාම්වලින් සහ සාලාව යුධ හමුදා කඳවුරේ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට,තව දුරටත් සහන සැලසීම සඳහා රජය
    තීරණය කර තිබේ.

    ඒ අනුව එම ජනතාවගේ නිවාසවල ජලය, විදුලිය බිල්පත් ගෙවීම සඳහා මීට පෙර ලබා දී තිබූ සහන කාලයට අමතරව, තවත් මාස දෙකක සහන කාලයක් ජුනි (16) සිට ලබා දෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

     

    මීට අමතරව එම ජනතාව,ලීසිං පහසුකම් මත ලබා ගෙන තිබූ රථ වාහනවලට අදාළ වාරික සහ බැංකු ණය වාරික මාස දෙකක ප්‍රමාදයක් සහිතව, ගෙවා දැමීමට හැකි බව ද මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි.

     

    ගංවතුරෙන් සහ නාය යාම්වලින් විපතට පත් ජනතාවට ජලය සහ විදුලිය බිල්පත් ගෙවා දැමීම සඳහා, මීට පෙර ද, රජය මාසයක සහන කාලයක් ලබා දී තිබිණි.

     

    මේ අතර ජල ගැලීමෙන් විපතට පත් කොලොන්නාව ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 10,000ක අත්තිකාරම් මුදලක් ලබා දීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 380ක මුදල්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත  මුදා හැරි බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya