අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශීය රක්ෂණයට අදාළ සමාගම තෝරාගෙන ඇත්තේ විනිවිද භාවයෙන් යුතුවයි

    ජූනි 19, 2016

    විදේශීය රක්ෂණය සඳහා අදාළ සමාගම තෝරාගෙන ඇත්තේ විනිවිද භාවයෙන් යුතුව බවත් එතෙර රක්‍ෂණය හඳුන්වා දීම පිළිබඳ විවිධ මතධාරීන් දරණ අදහස් සත්‍ය නොවන බවත් විදේශ රැකියා අමාත්‍ය තලත අතුකෝරළ මහත්මිය ප්‍රකශ කළාය.


    ”එතෙර අපි”සංවිධානයේ සභාපති  පාර්ලිමේන්තු මන්ති‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා කළ ප‍්‍රකාශය පිළිබදව අඳහස් දක්වමින් මේ බව අමාත්‍යවරිය පවසා තිබේ.

     

    තමන් කිසිවිටෙක තනි තීරණ නොගන්නා බවත්,රැකියා ඒජන්සි ආයතනවලට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරන බවත් අමාත්‍යවරිය කියා සිටියාය. වර්තමාන ආණ්ඩුව රැකියාසඳහා විදේශ ගතවූ ශ‍්‍රමිකයින්ගේ අවශ්‍යතා පමණක් නොව, ඔවුන්ගේ ගැටළු පිළිබඳව සොයාබලන බවත්, ඒවාට විසඳුම් ලබා දෙන බවත්, සඳහන් කළාය.

     

    පසුගිය 2015 වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා විශාල පිරිසකගේ ගැටළු විසඳා තිබේ. එසේම වසර ගණනක් වැටුප් නොලැබ, සිරවී සිටි කාන්තාවන්ට හිඟ වැටුප් ලබාදී, ඔවුන් යළි මව්බිමට ගෙන්වා ගැනීමටද හැකිවිය. කුවේට්, සෞදි අරාබිය ආදි රටවල සුරක්‍ෂා නිවාස හා සුභසාධන මධ්‍යස්ථානවල රැඳී සිටි ශ‍්‍රමිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමටද හැකිවිය. එමෙන් ම  හොර විදේශ රැකියා ආයතන විශාල ප‍්‍රමාණයක් වටලා සුරක්‍ෂිතව හා නීත්‍යානුකූලව විදේශ ගතවීමට අවස්ථාව සළසා තිබේ.

     

    විවිධ අන්දමේ වංචනිකව මෙම ක්ෂේත‍්‍රයේ කීර්ති නාමය විනාශ කරමින් සිටි.උප ඒජන්තවරු වහාම අවලංගු කරනු ලැබුණි. හුදෙක් විදේශ රැකියා ක්ෂේත‍්‍රයේ ඉදිරි අනාගතය වෙනුවෙන් එතෙර රක්‍ෂණය හඳුන්වා දීම පිළිබඳ විවිධ මතධාරීන් දරණ අදහස් සත්‍ය නොවන අතර  මෙම නව රක්‍ෂණ ක‍්‍රමය මඟින් ඇතැම් අය කරන ප‍්‍රකාශ හුදු වචන වලට පමණක් සීමා වී තිබේ. 

     

    එසේම හොඳම උදාහරණය වන්නේ,කටාර්හි මිය ගිය නන්දන බණ්ඩාර හබරව මහතා වෙනුවෙන්  එම විදේශිය රක්‍ෂණය, වන්දි වශයෙන් ඒ මහතාගේ පවුලේ යැපෙන්නන්ට රුපියල් ලක්‍ෂ 10ක් ගෙවීමයි. යම්හෙයකින්  මෙම රක්‍ෂය නොතිබුණේ නම් ඔහුට හිමිවන්නේ මෙරට රක්‍ෂණයෙන් ලැබෙන ලක්‍ෂ 5ක් පමණි . නමුත් මෙම විදේශ රක්‍ෂණය නිසා ඔහුට මිලියනයක මුදලක් යැපෙන්නන් වෙත ප‍්‍රදානය කිරීමට හැකිවිය. එම නිසා මෙම රක්‍ෂණය කවුරු කෙසේ විග‍්‍රහකළ ද  ජනතාව වෙනුවෙන් ඇතිකළ එකකි.

     

    මේ විදේශීය රක්ෂණය සඳහා අදාළ සමාගම තෝරාගෙන ඇත්තේ විනිවිද  භාවයෙන් යුතුවය. එනම් ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව මඟින් මිල ගණන් කැඳවා අවම මිල ගණන් හා උපරිම වන්දි ලබා දෙන රක්ෂණ සමාගම ඔවුන් විසින් තෝරා ගෙන තිබේ. මේ සඳහා විදේශ රැකියා අමාත්‍යංශය, හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වී නැත. රැකියා සඳහ විදේශ ගත වන කාන්තාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 21 දක්වා අඩු කිරීම සම්බන්ධව ජනාධිපතිතුමා විසින් පත්කළ සය පුද්ගල කමිටුවක් මඟින් විමර්ශනය කරගෙන යයි. වයස අවුරුදු 21 වැඩිහිටි වයස් සීමාවේ තිබෙන නිසා මේ වයස් සීමාව පිපිළිබඳව කමිටුවේ අවධානයට යොමු කර තිබේ.

    එසේම සියලූම රට වලට බලපැවැත්වෙන පරිදි අවම වැටුපක් තීරණය කිරීම සඳහා අදාළ රටවල් සමඟ සාකච්ඡා කරමින්  සිටින  බවද අමාත්‍යවරිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya