අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දින දෙකට වඩා උණ පවතීනම් හැකි ඉක්මනින් රෝහලට යන්න - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    ජූනි 17, 2016

    උණ තත්ත්වය දින දෙකකට වඩා නොකඩවා පවතීනම් හැකි ඉක්මනින් ම ළඟ තිබෙන රෝහලට ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.


    පසුගිය දිනවල ඇති වූ වර්ෂාවෙන් පසුව ඩෙංගු රෝගයේ වැඩි වීමක් සිදුව ඇතැයි පෙන්වා දුන් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,මේ වනවිට රෝගීන් වාර්තා වුවත් මරණ සංඛ්‍යාව 24ක් දක්වා අඩු කරගැනීමට හැකී තිබෙන බවත් කඩිනමින් රෝහල වෙත යැමෙන් සංකූලතා අවමකරගත හැකි බව පැවසී ය.

     

    උණ රෝගය සඳහා විවිධ ඖෂධ වර්ග භාවිතා කිරීමට ඇතැමුන් කටයුතු කරනවා. එසේ කිරීමෙන් සංකුලතා වැඩි වීමට පුළුවන්.වෛද්‍ය උපදෙස් ලබාගන්නා තුරු උණ රෝගයට වෙනත් කිසිදු ඖෂධයක් භාවිතා කරන්න එපා. හැකි ඉක්මනින් ළඟ ඇති රෝහල වෙත රැගෙන යාමයි කළ යුතු වන්නේ යැයි ද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya