අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොස්ගම රෝහල යළි සේවයට එක්වෙයි

    ජූනි 16, 2016

    කොස්ගම රෝහල සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කර නැවත යථා තත්ත්වයට පත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    පසුගිය දා කොස්ගම සාලාව යුධ හමුදා කදවුරේ සිදු වූ පිපිරීමෙන් විනාශයට පත් වූ කොස්ගම රජයේ රෝහල ත‍්‍රිවිධ හමුදාව විසින් යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදීම ඊයේ (15) සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණු  බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.


    රෝහල යථා තත්ත්වයට පත් කිරීම ද විශේෂත්වයකි  ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ, සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ සෙබළුන් 300 ක් පමණ දිනපතා සිය දායකත්වය දක්වමින් ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදි

    රෝහලට අවශ්‍ය  වෛද්‍ය උපකරණ තොඟයක් ද එහිදී අමාත්‍යවරයාගේ සුරතින් රෝහල වෙත පරිත්‍යාග කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya