“ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන කළුතර, බණ්ඩාරගම විද්‍යාලෝක කණිෂ්ඨ විද්‍යාලයේ දී ඊයේ (15) ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ළඟම පාසල හොඳම පාසල වැඩසටහන සඳහා පාසල් තෝරාගැනීම ප‍්‍රධාන ව්‍යාපෘති 4ක් මගින් සිදු කරන අතර හඳුනාගත් ක්ෂේත‍්‍ර තුනක් යටතේ මෙම පාසල් සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව, සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ම නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් 600ක්, මෑත කාලීන සංවර්ධන වැඩසටහන් සඳහා ඇතුළත් නොවූ උසස් පෙළ පන්ති සහිත පාසල් 1,200ක් ද්විතියීක පාසල් සංවර්ධන වැඩසටහනට අයත් වූ පාසල් 776ක්, ප‍්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යෘපෘතිය යටතේ පාසල් 3,577ක් මේ යටතේ සංවර්ධනය කිරීමට පියවර ගැනේ.
ඒ යටතේ ඉදිකිරීම් සහ අලුත්වැඩියා කිරීම්, මානව සම්පත් සංවර්ධනය, භාණ්ඩ සහ උපකරණ සැපයීම යන අංශ යටතේ සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීමට නියමිත ය.
තමා විපක්ෂයේ සිටින කාලයේ සිට හඳුනාගත් අඩුපාඩු නිවැරදි කරමින් කටයතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කරන මුදල ඉහළ නංවාගනිමින් ඒ සඳහා අවශ්‍ය පසුබිම ගොඩනගාගන්නට හැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව පසුගිය අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරන ලද මුදල් ප‍්‍රමාණයට වඩා වැඩි මුදලක් මෙවර වෙන් කරගන්නට හැකියාව ලැබුණු බවත්, රටේ සියලු ම පාසල් ඉලක්ක කරගෙන, සියලු ම පළාත් සහ කළාප අධ්‍යාපන නිලධාරීන්ගේ ද සහාය ලබාගනිමින් විධිමත් සහ නිවැරදි නිර්ණායක මත, එක් එක් පාසල්වල ප‍්‍රමුඛ අවශ්‍යතා හඳුනාගනිමින් එම මුදල් යෙදවීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.
බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප‍්‍රිය, විදුලිබල හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.