මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා අභාවප්‍රාප්ත වෙයි

    ජූනි 16, 2016

    කෘතහස්ත දේශපාලඥයෙකු වූ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා වූ අලෙවි මවුලානා මහතා ඊයේ (15) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

    කෘතහස්ත දේශපාලඥයෙකු වූ අභාවප්‍රාප්ත අලෙවි මවුලානා මහතාගේ අවසන් කටයුතු අද (16) පස්වරුවේ දෙහිවල පිහිටි මුස්ලිම් දේවස්ථානයේදී  සිදුකිරීමට නියමිතය.

     

    ඒ මහතාගේ දේහය දෙහිවල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.

     

    ඒ මහතා මිය යන විට 84 වන වියේ පසු විය. 1948 වසරේ දේශපාලනයට පිවිසි අලෙවි මවුලානා මහතා කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස වසර 10කට ආසන්න කාලයක් කටයුතු කළ අතර පසුව ඒ මහතා 1994 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

     

    2001 වසරේ කම්කරු කැබිනට් අමාත්‍ය ධූරයේ කටයුතු කළ අතර 2015 වසරේ ජනවාරි මස 23 වන දින වන තුරු බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය.

     

    අලෙවි මවුලානා මහතා දේශපාලඥයෙකු මෙන්ම වෘත්තීය සමිති නායකයෙකු ලෙස රටට විශාල මෙහෙවරක් කළ නායකයෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya