අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර කර්මාන්තය නංවන්න කොරියානු ආධාර

    ජූනි 15, 2016
     ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ආරාධනාවකට අනුව කොරියානු ජාතික ධීවර සම්මේලනයේ සභාපති Kim Im Kweon මහතා ප්‍රමුඛ විශේෂ නියෝජිත කණ්ඩායමක්  පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ .
    රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කොරියාවේ සිදුකල සංචාරයේදී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නගා සිටුවීම සදහා උදවු උපකාර කිරීමට එරට ජාතික ධීවර සමුපකාර සම්මේලනයේ සභාපති Kim Im Kweon මහතා කැමැත්ත පළ කළේය .
     
    ශ්‍රී ලංකාවේ තෙදින නිළ සංචාරක නිරතව සිටින  Kim Im kweon මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ජාතික ජලජ සම්පත් පර්යේෂණ නියෝජිතායතන‍යේ [ නාරා] නිරීක්ෂණ චාරිකාවක නිරත වුහ .
     
    කොරියානු ජාතික ධීවර සම්මේලනයේ සභාපති ඇතුළු නියෝජිත කණ්ඩායම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේදී  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමුවී සාකච්ජා කළේය.
     
    භුමියේ පිහිටීම  ධීවර කර්මාන්තයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට විශාල පිටුවහලක් බව කොරීයානු ජාතික ධීවර සමුපකාර  සම්මේලනයේ සභාපති Kim Im kweon මහතා මෙහිදී පැවසීය .
     
    ඔහු කියා සිටියේ ධීවර කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට යාමට දක්වන උනන්දුව තමා මහත්සේ අගයන බවය .ඒ සදහා උපකාර කිරීමට ඕනෑම අවස්ථාවක සුදානම් බවද මෙරට ධීවර ගම්මාන සදහා ආධාර කිරීමටත් , ධීවර තාක්ෂණික විද්‍යාල දෙකක් ලබාදීම සදහා මෙන්ම බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් හා ධීවර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම පිළිබද සොයා බැලීම මෙරට සංචාරයේ  අරමුණ බවත් පැවසීය .
     
    බහුකාර්ය ධීවර වරාය සංකිර්ණ සදහා සහන පොලී පදනම යටතේ ණය ආධාර ලබාදීම ඇතුළු  ධීවර ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා  සහන රැසක් ලබා දීමට ධීවර හා ජල සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත නියෝජිත කන්ඩායම එකග වී තිබුණි .
     
    එම කාර්යයන් ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම කොරියානු නියෝජිත කණ්ඩායම  අද හම්බන්තොට හා තංගල්ල ප්‍රදේශවල  සංචාරය කිරීමට නියමිතය .
     
    එම සංචාරය අතරතුර රැකව ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී ධීවර නිවාස  ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීමට  නියමිතය .
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya