34 වන පොලිස්පති ලෙස රාජකාරි භාර ගත් පූජිත් ජයසුන්දර මහතා වෙත උණුසුම් සුබ පැතුම් ප්රදානය කිරීමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්රධානි විසින් පොලිස්පතිවරයා වෙත ආරක්ෂක මාණ්ඩලික ප්රධානි කාර්යාලයේ අධ්යක්ෂ මණ්ඩලය හඳුන්වා දෙන ලදී.
මෙහිදි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා වු අතර මෙම හමුව සිහිගැන්විම පිණිස සමරු පොත මත සටහනක් සහ සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.