මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උප්පැන්න, විවාහ, මරණ රෙජිස්ට්‍රාර් පත්වීම් ප්‍රදානය කරයි

    ජූනි 15, 2016

    උප්පැන්න, විවාහ, මරණ රෙජිස්ට්‍රාර් පත්වීම් ලිපි ප්‍රදානයක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු විය.

    විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනලද තරඟ විභාගයකින් සමත්වූ පිරිසක් සඳහා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව මෙම පිරිස තෝරා ගැණුනී. මුළු දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් මෙම පිරිස 48 කි. සියලු ආගම් නියෝජනය වන අයුරින් නව රෙජිස්ට්‍රාර්වරු තෝරා ගැනීම විශේෂත්වයකි.

     

    අද රාජ්‍ය සේවයට පිවිසෙන මෙම තරුණ කණ්ඩායමට රට ගොඩනැගීම සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දිය හැකි බවත් මෙම වෘත්තිය ඉතා වටිනා මෙන්ම වගකීම් සහගත වෘත්තියක් බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙහිදී අවධාරණය කළේය.

     

    මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි, රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඊ. එම් ගුණසේකර මහත්වරු අතුළු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya