අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු දිවිනැගුම බැංකු නවීකරණයට පියවර

    ජූනි 15, 2016

    සියලුම දිවිනැගුම ප්‍ර‍ජාමූල බැංකු නවීකරණය කිරීමට පියවර ගන්නා ලෙස සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා දිවිනැගුම සංවර්ධන දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රා වික්‍ර‍මසිංහ මහත්මිය වෙත උපදෙස් දී තිබේ.

    ඇමතිවරයා මෙසේ උපදෙස් ලබා දී ඇත්තේ‍ අමාත්‍යාංශයේ පැවැති ආයතන ප්‍ර‍ධානීන්ගේ ප්‍ර‍ගති සමාලෝචන රැස්වීමකදීය.

     

    දිවිනැගුම ප්‍ර‍ජාමූල බැංකු 1074 ක් හා බැංකු සංගම් 331 ක් දිවයින පුරා පවතින අතර ඒවායින් තෝරාගත් ශාඛා 200 ක් ඉදිරි මාස 02 ඇතුළත මෙසේ නවීකරණය කරන ලෙස ඇමැතිවරයා උපදෙස් දී ඇත.

     

    දිවිනැගුම බැංකු බහුතරයක් පහුගිය කාලයේ පාඩු ලබා ඇති නිසා නව ලොවට ගැලපෙන පරිදි සෙසු වානිජ බැංකු හා තරගකාරි මට්ටමින් කටයුතු කර ලාභ ලබාගැනීමේ අරමුණ ඇතිව දිවිනැගුම බැංකු ජාලය කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා නව දැක්මකින් යුතුව කටයුතු කළ යුතු බවත් ඇමැතිවරයා මෙම රැස්වීමේදී අවධාරණය කර තිබේ.

     

    මෙහිදී ඇමැතිවරයා පවසා ඇත්තේ රජයෙන් වැටුප් ලබා පාඩු පිට දුවන එකම බැංකුව දිවිනැගුම බැංකු ජාලය බවත්, මේ තත්වය වහාම වෙනස් කර ලාභ ලබන තත්ත්වයට බැංකුව පත් කළ යුතු බවත්ය. මේ සඳහා දිවිනැගුම බැංකු ජාලය හරහා ක්ෂුද්‍ර‍ මුල්‍ය ණය ලබා දීම වේගවත් කරන ලෙස ඇමැතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

     

    මෙම වැඩසටහන යටතේ දිවිනැගුම බැංකු සියල්ල සෙසු වානිජ බැංකුවලට නොදෙවනි ලෙස නවීකරණය කිරීමට පියවර ගත යුතු බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා අවධාරය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya