අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ පළාත් කීපයකට වැසි ඇතිවෙයි

    ජූනි 15, 2016

    දිවයිනේ බස්නාහිර,සබරගමුව,මධ්‍යම,දකුණ සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (15) නිකුත් කළ  කාලගුණ නිවේදනයට අනුව, නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    තවද දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු  පළාතේ සහ දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya