මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය වෘත්තිකභාවය දියුණු කළ යුතුයි - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

    ජූනි 14, 2016

    ජනමාධ්‍ය වෘත්තිකභාවය දියුණු කළ යුතු බවත් ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය ජාතික ජනමාධ්‍ය අධ්‍යයන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය විසින් අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරුණු ජනමාධ්‍ය ඩිප්ලෝමා සහතික පිරිනැමීමේ  අවස්ථාවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය

     

    ජනමාධ්‍ය වෘත්තිකභාවය දියුණු කළ යුතුයි.ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය වෘත්තීමය බලපත්‍රය නිකුත් කරන ආයතනයක් බවට පත්වේවී. ලෝකයේ දියුණු රටවල මේවා ඉදිරියට යමින් සිටිනවා.මෙය තරමක් විවාද සම්පන්න වේවි.


    ජනමාධ්‍ය නියාමනයක් අවශ්‍ය වෙනවා.මුද්‍රිත මාධ්‍ය සඳහා ආයතන දෙකක් ක්‍රියාත්මක වුවත් විද්‍යුත් මාධ්‍ය සඳහා  කිසිදු නියාමනයක් ක්‍රියාත්මක වන්නේ නෑ.එය විශාල හදැසක්. තාක්ෂණික නියාමනය,අන්තර්ගත නියාමනය,ප්‍රතිපත්තිමය නියාමනය යනුවෙන් සකස් වෙනවා. ජනමාධ්‍ය ''රේටින්'' පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා.අපි අමාත්‍යාංශයක් ලෙස මේ පිළිබඳව මැදිහත්විමකින් කටයුතු කරනවා.

     

    තොරතුරු දැනගැනීමේ පනත ලබන 23 දින දෙවැනිවර  කියවීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. 23 දිනෙන් පසුව පනත නීතියක් වෙනවා. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිමය ගුණයෙන් යුතුව ඉහළින් තබන්නට හැකිවේවි. ඒ සඳහා සියලු දෙනා එකතු වී වැඩකරමු යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya