අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොස්ගම, සාලාව කඳවුරේ පිපිරීමෙන් හානියට පත් නිවාස 159ක අලුත්වැඩියාව නිමකරයි

    ජූනි 14, 2016

    කොස්ගම, සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාවේ පිපිරුමෙන් අලභහානියට පත් නිවාස 159ක අලුත් වැඩියා කටයුතු ඊයේ දිනවන විට නිමකිරීමට යුද්ධ හමුදාවට හැකි වී තිබෙන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලාස්ථානය නිවේදනය කරයි.

    මෙම අලුත් වැඩියා කටයුතුවලට අමතරව ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ජන ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ද යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අඛණ්ඩව ලබාදීමට පියවර ගෙන තිබේ.

    මෙම කටයුතු කඩිනම් කිරීමට නාවික හමුදාව, ගුවන් හමුදාව සමඟ ශ්‍රී ලංකා පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු රාජ්‍ය ආයතන වෙතින් ලබාදෙන දායකත්වය මහත් රුකුලක් වී ඇත.

    මේ වනවිට ප්‍රදේශයේ ළිං 1086ක් නාවික හමුදවේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පිරිසිදු කර ඇති අතර අවශ්‍යතාවයට ලබාගැනීම සඳහා  ජලටැංකි ස්ථාපිත කර තිබේ.

    යුධ හමුදාව ජල බවුසර් මඟින්  අවශ්‍ය ජලය ලබදෙන අතර ජනතාවගේ ජල අවශ්‍යතා නොඅඩුව සපුරාලීමට ජල සම්පාදන මණ්ඩලය හ එක්ව ප්‍රදේශය පුරා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද යුද්ධ හමුදාව කටයුතු කර ඇතැයි නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya