අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් යහපත් ප‍්‍රතිචාර

    ජූනි 14, 2016

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් යහපත් ප‍්‍රතිචාර දැක්වූ බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.

     

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (13) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    මෙහිදී  ''අපි නිරෝගී වෙමු” නමින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත කෘතිය පිළිබඳව සාකච්ඡාවට ගැනුනු අතර  එහිදී එහි පිටපත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී.

    බෝනොවන රෝග පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම කෘතිය සකස් කර ඇති අතර,මෙහි පිටපත් ලක්ෂ 10 ක්, මුද්‍රණය කර අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පාසල් දරුවන් අතර බෙදා දෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. එම වැඩපිළිවෙල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
    සංගමය සමඟ ඒකාබද්ධව සිදු කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදෙන දුන්නේ ය.එමෙන්ම වෛද්‍යවරුන් සදහා දෙමළ භාෂාව පුහුණූව ලබාදීමේ වැඩපිළිවෙල වෛද්‍යවරුන්ගේ දරුවන් 200 ක් පාසල්වලට ඇතුළත් කර නොගැනීම,වැටුප් විෂමතාවය යන ගැටලු පිළිබඳව  මෙහිදී සාකච්ඡා කෙරුනි.


    තවද වෛද්‍යවරුන්ගේ දුරකතන දීමනාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඇඟිලි සළකුණු යන්ත‍්‍ර සවි කිරීම සහ තවත් වෘත්තීය ගැටළු රැසක් පිළිබඳව  මෙහිදී සාකච්ඡා කළ අතර  එම වෘත්තීය ගැටලුවලට සෞඛ්‍ය අමාත්‍යවරයා, සාර්ථක විසදුම් ලබාදීම විශේෂයෙන් කැපී පෙනුනි.

    එම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, අතිරේක ලේකම් ජනක ශ‍්‍රි චන්ද්‍රගුප්ත මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු සහ අතිරේක ලේකම්වරු ද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා, ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා, මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නලීන් ද හේරත් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya