ශ්‍රී ලංකාවේ තොරතුරු බෙදාහැරීම, සමාජ වෙබ් අඩවි වල ක්‍රියාකාරීත්වය සහ තොරතුරු දැනගැනීමේ පණත පිළිබඳව මෙහිදී දෙපිරිස අතර කරුණු සාකච්ජාවට ලක් කෙරිණි.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සහ එහි ලේකම් නිමල් බෝපගේ මහතා මෙන්ම ඇමරිකානු මහකොමසාරිස් කාර්යාලයේ තොරතුරු නිලධාරී ජෝෂුආ ෂෙන් (Joshua Shen) , ඔමාර් රාජරත්නම් (Omar Rajarathnam) යන මහත්වරු එක්වූහ.