මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඟිනියාගල ජලාශයට මත්ස්‍ය පැටවුන් ලක්ෂ පහක් මුදා හැරේ...

    ජූනි 13, 2016
    ඉඟිනියාගල ජලාශයට අලූතින් මත්ස්‍ය පැටව් ලක්ෂ පහක් මුදා හැරීමේ ව්‍යාපෘතියක් පසුගියදා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අතින් ආරම්භ කෙරිණි.
    ඒ අනුව, මෙම වැඩසටහන ආරම්භ කරමින් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් මත්ස්‍ය පැටවුන් ලක්ෂයක් මුදාහරිනු ලැබීය.
     
    ඉඟිනියාගල මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ දී අභිජනනය කරනු ලැබ ඇති මෙම මත්ස්‍ය පැටව්, 1951 දී අභ්‍යන්තර ජලාශ වෙනුවෙන් හඳුන්වාදීමට මෙරටට ආනයනය කරනු ලැබූ තිලාපි හා කැට්ලා යන විශේෂ දෙකට අයත් වේ. 
     
    මේ අතර,  මෙහිදී අමාත්‍යතුමා අතින්- ඉඟිනියාගල ජලාශයේ ධීවර කර්මාන්තයේ නියුතු ධීවරයින් වෙනුවෙන් ධීවර බෝට්ටු ප්‍රදානයක් ද සිදු විය.
     
    මෙම වැඩසටහන සංකේතවත් කරමින් ධීවරයින් දස දෙනෙකු වෙනුවෙන් ධීවර බෝට්ටු දහයක් ප්‍රදානය කළේය.
     
    මෙහිදී අදහස් දැක්වූ දයා ගමගේ මහතා කියා සිටියේ, ධීවර කර්මාන්තයේ නියුතු ස්ථීර නිවසක් අහිමි ධීවර පවුල් වෙනුවෙන් ස්ථීර නිවාස දීමේ වැඩසටහනක් ද ඉදිරියේ දී දියත් කිරීමට නියමිත බවයි.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya