මෙම සහන කටයුතු අවසන් වු පසු ප්‍රදේශයේ ප්‍රාදේශී ජංගම සේවාවන් පවත්වා හානියට පත් හැදුනුම්පත්, උප්පැන්න, විවාහ සහ මරණ සහතික රජයේ වියදමකින් තොරව නොමිලේම ලබාදීමට අවශ්‍ය කටයුතු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පුර්ණ මැදිහත්වීමේන් ලබාදෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ විශේෂ උපදෙස් මත අමාත්‍යවරයා මෙම නිරීක්ෂණ චාරිකාවට එක් සිටි අතර විදුලි සැපයුම නැවත ලබාදීමේදී ගාස්තු අයකිරීමක් සිදු නොකිරීම, ගාස්තු නොගෙවා ඉතිරිවූ හිඟ බිල්පත් සඳහා මාස 06 ක සහන කාලයක් ලබා දීමට තිරණය කර තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේම තිබූ ස්ථාවර දුරකථන අංකයටම CDMA දුරකථන ලබාදීමට ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන මහතා එකඟත්ව පළ කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය.
තව ද ප්‍රධාන මාර්ගය වසා තැබීම හේතුවෙන් අතුරු මාර්ග භාවිතයට ගත් බැවින් එම මාර්ග අබලන් වී ඇති නිසා කඩිනමින් එම මාර්ග සකස් කරීමට බස්නාහිර පළාත් ලේකම්වරයාගේ විශේෂ අවධානය යොමු කිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය.
කිසිදු භේදයකින් තොරව නිවාස හා ව්‍යාපාරික ස්ථාන තක්සේරු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බවත් ග්‍රාම නිලධාරීන් මැදිහත්වී සියලු ගැටලු පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඒ මහතා ඉල්ලා සිටියේය.
ව්‍යපාරික ස්ථාන හානියට පත්වුවන්ට ඔවුන් ලබාගත් ණය පිළිබඳ මාස 06 ක් හෝ අවුද්දක කාලයක් ලබාදීමට සියලුම බැංකු සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ තීන්දුවකට එළැඹි බවත් රක්‍ෂණ සමාගම සඳහාත් යම් වන්දි මුදලක් ප්‍රදානය කිරීමේ හැකියාව පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව පිපිරීමෙන් විනාශයට පත්වු සාලාව ප්‍රදේශයේ නිවාස නිරීක්‍ෂණය කිරීමට අමාත්‍යවරයා ගිය අතර අනතුරුව ඔවුන් සඳහා වියළි සලාක බෙදාදීමක් ද සිදුවිය.
මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කංනන්ගර, සීතාවක ප්‍රාදේශීය ලේකම් බණ්ඩාර මාපා, හිටපු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහත්වරු ඇතුළු ආරක්‍ෂක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.