අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ ආපදාවට පත්වූවන්ට වගකීම් ඉටු කරනවා- විදුලිබල ඇමැති

    ජූනි 13, 2016

    කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ව්‍යසනයන්ට පත්වූවන්ට රජය වගකීම් ඉටුකරන බවත් නායයාම් හේතුවෙන් නිවාස අහිමි වූවන්ට ස්ථීර නිවාස ලබාදෙනතුරු තාවකාලික නිවාසවල පදිංචි කරන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ඒ මහතා ප්‍රකාශ කළේ ඉඩම් අත්පත් කරගැනීම් සහ යටිතල පහසුකම් සැපයීම කඩිනමින් සිදු කෙරෙන බවයි.

     

    ඒ මහතා මෙම අදහස් පළකළේ පසුගියදා කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ව්‍යසනයන්ට ලක්ව අවතැන්වූවන් වෙනුවෙන් සහන සැලසිම සඳහා කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.


    මෙම ව්‍යයසනයට මුහුණ දුන් ජනතාව යථා තත්ත්වයට පත් වන තුරු සෑම සතියකට වරක්ම නිලධාරීන් රැස්වී ඒ සම්බන්ධයෙක් කටයුතු සාකච්ඡා කර තීරණ ගන්නා ලෙස පසුගියදා මෙහි නිරීක්ෂණය පැමිණි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව ඇමැතිවරයා සඳහන් කළේය.

     

    මෙම අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, සබරගමුව පළාත්සභා මන්ත‍්‍රී හර්ෂ සියඹලාපිටිය, දැරණියගල එක්සත් ජාතික පක්ෂ සංවිධායක, සංවර්ධන කමිටු සමසභාපති අනුරුද්ධ පොල්ගම්පල යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලනාධිකාරියේ පිරිසක්ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya