අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාලාව ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරි 12ක්

    ජූනි 11, 2016

    කොස්ගම සාලාව හමුදා කඳවුරේ ඇති වූ  සිද්ධිය හේතුවෙන් කොස්ගම ග්‍රාම සේවා වසම් 12ක ආපදාවට පත් ජනතාවට වෙනුවෙන් ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරි 12ක් ස්ථාපිත කර තිබෙන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් නානායක්කාර මහතා පැවසීය.

    සාලාව සුදුවැල්ල, මුරුතගම, පහළ කොස්ගම, කලුඅග්ගල, කටු‍‍ගොඩ උතුරු, අකරවිට ඉහළ, කොස්ගම උතුරු, මාවල්ගම සහ මිරිස්වත්ත යානාදී ග්‍රාම නිලධාරී වසම්වල මෙම කමිටු පිහි‍ටුවා ඇත.

     

    එම මධ්‍යස්ථානයේ ග්‍රම නිලධාරී, සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී, පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් සියලු කටයුතු සම්බන්ධීකරණ කරන බැවින් ආපදාවට පත් ජනතාවට ඇති වන සියලු ගැටලු එම මෙහෙයුම් මැදිරියට දැන්වීමෙන් විසඳුම් ලබා ගත හැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    සාලාව ප්‍රදේශයේ අද (11) සිදු කළ නිරීක්ෂණයකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    එසේම ආපදා සිදු ස්ථානයක් රාජ්‍ය නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් නොවන අවස්ථාවලදී ද ඒ  පිළිබඳ මෙම මෙහෙයුම් මැදිරි වෙත ‍තොරුතුරු ලබා දිය හැකිය.

     

    මෙම පිපිරීම හේතුවෙන් සිදු කරන ලද පරීක්ෂණ අනුව වායු දූෂණයක් සිදු වී නැති බවට හෙළි වී ඇතැයි සීතාවක ප්‍රාදේශිය ලේකම් එම්.එම්. එස්.කේ. බණ්ඩාර මහතා පැවසීය.

     

    මේ සම්බන්ධයෙන් ජනතාවට සිදු වන අපහසුතා සම්බන්දෆයන් දූරකතන අංක 036 3798616 හෝ 036 3798617 වෙත පැමිණිලි යොමු කළ හැකි බව ද ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya