මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොස්ගම ආපදාවට පත් ස්ථාන 654ක් හඳුනා ගැනේ - වන්දි ලබාදීම ලබන 14 දා

    ජූනි 11, 2016

    පසුගියදා කොස්ගම සාලාව යුදහමුදා කඳවුරේ ඇති වූ සිද්ධියෙන් මධ්‍යම හා සම්පූර්ණ වශයෙන් හානියට පත් නිවාස, ව්‍යාපාරික ස්ථාන 654ක් හඳුනාගෙන තිබෙන බව  කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසීය.

    එසේ හඳුනා ගැනීමට නොහැකි වූ ස්ථාන ඇත්නම් ඒ පිළිබඳ වහාම තම ප්‍රදේශයේ ක්‍රියාත්විත මෙහෙයුම් මැදියට දැනුම් දෙන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

     

    සාලාව ප්‍රදේශයේ අද (11) සිදු කළ නිරීක්ෂණයකදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර හානියට පත් දේපල පිළිබඳ තක්සේරු කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

     

    එම තක්සේරු කටයුතු සඳහා නිලධාරීන් 76 දෙනෙකු යොදවා ඇති අතර එම තක්සේරු කිරීම හෙටින් (12) අවසන් කිරීමට නියමිතය.

     

    ඒ අනුව හානියට පත් දේපොළ සඳහා වන්දි ලබාදීමේ මුදල් ප්‍රතිපාදන ලබන සඳුදා (13) මුදල් අමාත්‍යාංශයෙන් ලබා දීම සිදු වන බවත් එම මුදල් ලබන අඟහරුවාදා (14) වන විට ආපදාවට පත් ජනතාවට බෙදාදීමට සැලසුම් කර තිබෙන බවත් ‍දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් ක‍ළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya