අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ආයෝජන යටතේ සිදුවන සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීමට සාකච්ඡා

    ජූනි 11, 2016

    චීන ආයෝජන යටතේ සිදුවන සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීමත්, වරාය නගරයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡවක් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධනත්වයෙන් පවත්වා තිබේ.

    චීන වාණිජ කටයුතු අමාත්‍යංශයේ බාහිර ආයෝජන හා ආර්ථික සහයෝගිතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂූ ලිවුජුන්   මහතා සහ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අතර මෙම විශේෂ සාකච්ඡාව සිදුව තිබේ.


    මෙහිදී ආර්ථික හා තාක්ෂණික ආයෝජන පිළිබඳ අවබෝධතා ගිවිසුම කඩිනම් කීරීම පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කළේය. චීන ආයෝජන යටතේ සිදුවන සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීමත්, වරාය නගරයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

    එසේම චීන යුවාන් මුදල් භාවිත කරන එරට බැංකු ශාඛා ලංකාවේ ආරම්භ කීරීම පිළිබඳව ද සාකච්ඡා කළේය.

     

    ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහ චීන රජයේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya