මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 වන විට ජාතික ආර්ථීකයෙන් 10% ක්, නැගෙනහිරින්

    ජූනි 10, 2016
    වසර 2020 වන විට නැගෙනහිර පළාතෙන් ජාතික ආර්ථීකය සඳහා 10% ක  දායකත්වයක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
    අද (10) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.
     
    "එදා 2015 ජනවාරි මාසයේ උතුරු නැගෙනහිර ජනතාව මේ රටේ වෙනසක් ඇති කරන්න මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරන්න විශාල කැප කිරීමක් කළා. ඔවුන් විශාල බලාපොරොත්තුවක් තැබුවා සහනයක් ලැබෙයි කියලා. 
    ජනාධිපතිතුමා ජපානයට ගිහාම විශාල ආධාරයක් ලැබුණා. ඒ කාලේ ලැබුණු ගිනි පොළී ණය වෙනුවට දැන් ලැබෙන්නේ සහන ආධාර. ජේ. ආර්. ජයවර්ධන යුගයේ වගේ තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ.
     
    උතුරට වගේම මම නියෝජනය කරන නැගෙනහිරටත් විවිධ සංවර්ධන අවශ්‍යතා තියනවා. අම්පාර ගැන කතා කළොත්, අම්පාරේ 18,310ක් පවුල් අවතැන් වෙලා තියනවා. පුද්ගලයින් 71,286ක් අවතැන් වුණා. නමුත්, අපි සතුටු වෙන්න අවශ්‍යයි, අද වෙනකොට කිසිම කෙනෙක් නැවත පදිංචි කරන්න ඉතිරි වෙලා නෑ. සෑම කෙනෙක්ම නැවත පදිංචි කරලා අවසන් කරලා තියනවා. අපිට ස්ථීර නිවාස 59,672ක් සහ ගෙවල් වල ජීවත් වන දරුවන් වෙනුවෙන් 4,200ක් විතර නිවාස අවශ්‍ය කරලා තියනවා කියලා ගණන් බලලා තියනවා. ඒ කියන්නේ මුළු නිවාස 63,000ක් අම්පාර දිස්ත්‍රික්කයට තවත් අවශ්‍යයි.
     
    මම ජනතාවට පොරොන්දු වෙලා තියෙනවා 2020 වන විට මෙම නිවාස 63,000 ම හදලා ඉවර කරනවා කියලා. අපිට මුදල් ලැබී තිඛෙනවා බිලියන 263ක් නැවත පදිංචි වූ අයට උදව් කරන්න.
     
    අවුරුදු 30ක යුද්ධයෙන් ජනතාවට අහිමි වූ නිදහස හා තත්ත්වය යලි ලබා දෙන්න වැඩසටහනක් අපි දියත් කරලා තියනවා. යාපනය, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වල මත්ස්‍ය අධිකළාප දෙකක් ස්ථාපිත කරන්න අපි සැලසුම් කරලා තියනවා. මේක අපි මේ අවුරුද්දෙම ස්ථාපිත කරනවා. කෘෂි කලාප පහක් ස්ථාපිත කරනවා. විශේෂයෙන්ම යාපනය, අම්පාර, මඩකළපුව යන දිස්ත්‍රික්ක වන අධිකලාප ඉදිකරනවා. ඔලූවිල් කේන්ද්‍ර කර ගනිමින් අධිකලාප මධ්‍යස්ථානයක් ඇති කරනවා. අපි සංචාරක අධිකලාපයක් ඇති කරනවා.
     
    නැගෙනහිර පළාතෙන් මේ වන විට ජාතික ආර්ථීකයට දක්වන දායකත්වය සියයට 5.89ක් පමණයි. නමුත් මම කියන්න කැමතියි, 2020 වන විට නැගෙනහිර පළාතෙන් ජාතික ආදායමෙන් 10% ලබා දෙන්න කටයුතු කරනවා කියලා."
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya