අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පණිවුඩය

    ජූනි 12, 2016
    ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාතික දිනය අද දිනට යෙදී තිබේ.
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් මෙම වර්ෂයේදී ළමයින් ලිංගික කටයුතු වලට භාවිත කිරීම පිටුදකිමු - ළමුන්ට ඔවුන්ගේ ලෝකය උරුම කර දෙමු යන තේමාව පදනම් කර ගනිමින් වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.වර්තමානය වන විට ළමයින් ලිංගික කටයුතු සඳහා භාවිත කිරීම වර්ධනය වන සමාජීය ගැටළුවක් බවට පත්ව ඇති අතර ළමයාගේ සුන්දර ළමාවිය මෙවන් අනතුරුදායක තත්ත්වයක් හමුවේ විනාශ වී යයි.එවැනි දේ ළමයාගේ මානසික තත්ත්වයට මෙන්ම ඉදිරි දියුණුව සඳහා ද බාධාවකි.
     
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම වර්ෂය තුළ ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය සැමරීමේදී ළමයින් ලිංගික කටයුතු සඳහා භාවිත කිරීම පිටුදැකීම ඇතුළු ළමා ශ්‍රමිකත්වය අවම කිරීම තේමා කර ගනිමින් වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත.එය අදියර තුනක් යටතේ පැවැත්වීමට නියමිතය.
     
    ළමයින් ලිංගික ශ්‍රමිකයන් ලෙස භාවිත කිරීම පිටු දැකීමට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කෙරෙන සමුළුව, ළමයින් ලිංගික ශ්‍රමිකයන් ලෙස භාවිත කිරීම පිටු දැකීම ඇතුළු ළමා ශ්‍රමිකත්වය පිටුදැකීමට අදාළව පවත්වනු ලබන සමීක්ෂණය හා ළමයින් ලිංගික ශ්‍රමිකයන් ලෙස භාවිත කිරීම පිටු දැකීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පැවැත්වීමට නියමිත ජාතික සමුළුව වශයෙනි.
     
    එමෙන්ම කිසියම් ළමයෙකු කොතැනකදී හෝ ළමා ශ්‍රමිකයෙක් වශයෙන් යොදා ගන්නා බව ඔබ දුටුවහොත් එසැනින් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ඇමතීමෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.
     
    සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමටත් ළමා ශ්‍රමිකත්වය පිටුදැකීමේ උදාර කාර්යයටත් දායක වන ලෙසනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya