අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ස්ථාන 18 ක් ඉහළට

    ජූනි 10, 2016

    ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර හා බාහිර සාමය ශක්තිමත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේ  ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ (GPI ) ශ්‍රේණිගත කිරීම් වලට අනුව  97 වන ස්ථානයේ රැදී සිටින්නේ ස්ථාන 18ක් ඉදිරියට පැමිණීමෙනි.

    2015 වසරේ මෙම දර්ශකයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව රටවල් 162ක් අතරින් ශ්‍රී ලංකාව 114 වන ස්ථානයට පත් විය.

     

    මෙලෙස ශ්‍රී ලංකාව  ඉහළ ප්‍රගතියකට පැමිණ තිබෙන්නේ දේශපාලන අස්ථාවරත්වය, ප්‍රචණ්ඩකාරී හැසිරීම්, අභ්‍යන්තර ගැටුම් ආදීයේ සම්භාවිතාව කෙටි කාල සිමාවක් තුළ අඩු කර ගැනීමට හැකි වූ නිසාය.

     

    මෙම වාර්තාවට අනුව 2009 වසරේ ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන සමයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමටත් අසල්වාසී රටවල් සමඟ පවත්නා සබඳතා වැඩි දියුණු කිරීම මඟිනුත් දර්ශකයේ ඉහළ අගයකට පත් වීමට හේතු වී ඇත.

     

    මේ වසරේ ද අයිස්ලන්තය ලොව සාමකාමී ම රට ලෙස පත්ව ඇති අතර ලොව සාම දර්ශකයේ පහළ ම ස්ථානය සිරියාවට හිමිව තිබේ.

     

    දකුණු ආසියානු කලාපයේ රටවල් වන නේපාලයට 78 වන ස්ථානයත් බංග්ලාදේශයට 83 වන ස්ථානයත් ඉන්දියාවට 141 වන ස්ථානයත් පකිස්ථානය හා ඇෆ්ගනිස්ථානයට 153 වන ස්ථානයත් හිමිව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya