අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොස්ගම සිද්ධියෙන් නිවාස අහිමි වූවන්ට මසකට රුපියල් 50,000 බැගින්

    ජූනි 10, 2016

    කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පසුගියදා ඇති සිද්ධිය හේතුවෙන් සුළු වශයෙන් හානි වූ නිවාස ත්‍රිවිධ හමුදාවේ දායකත්ය යටතේ අලුත්වැඩියා කරමින් පවතින බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අද (10) පැවසීය.

    එසේම නැවත පදිංචි වීමට නොහැකි ලෙස බරපතල ලෙස නිවාස හානියට පත් වූවන්ට මාසකට රුපියල් 50,000 බැගින් මාස තුනක කාලයක් ලබා දීමට රජය තීරණය කළ බව ද ඒ මහතා සඳහන් කළේය.

     

    එහිදී ප්‍රාදේශීය ලේකම්වරයා සහතික කිරීමෙන් පසු එම මුදල් ලබා දීම සිදු වන බවත් මේ වන විට අවතැනි කඳවරු 6ක සිටින 1830 පිරිසට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    අද වන විට සනීපාරක්ෂ පහසුකම් වැඩි කිරීම සඳහා ද කටයුතු කර තිබෙන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya