අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට සාම විනිසුරු පදවි පිරිනැමේ

    ජූනි 09, 2016

    කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට සාම විනිසුරු පදවි පිරිනැමීම ජුනි 13 වෙනිදා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

    ශ්‍රී ලාංකීය කලාව පෝෂණය කිරීම සඳහා කැප වූ සිනමාවේදීන්, ටෙලිනාට්‍යවේදීන්, නළු නිළියන්, ගායක ගායිකාවන් කාර්මික ශිල්පීන් ඇතුළු කලාකරුවන් හා මෙරට සමාජ ප්‍රගමනයේ හවුල්කරුවන් ලෙස ක්‍රියා කරන ජනමාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන්ගේ හා මාධ්‍යවේදින්ගේ සේවය අගයමින් සමාජයේ ගෞරවනීය තනතුරක් ලෙස සාමවිසුරු පදවිය පිරිනැමීමට තිරණය කර තිබේ.

     

    මෙදින 100කට ආසන්න කලාකරුවන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් සහභාගීව අතර, මේ සියලු දෙනා සඳහා මුළු දිවයිනටම බලපාන ලෙස සාම විනිසුරු පදවි පිරිනැමීමට කටයුතු යොදා ඇත.

     

    මෙහි දෙවන අදියර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් හා කිර්තියක් ගෙන දුන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින්ට, ක්‍රීඩා පරිපාලකයන්ට, ක්‍රීඩා සංගම්වල නියෝජිතයන්ට ද පිරිනැමීමට කටයුතු සංවිධානය කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.


     
    1978 අංක 02 දරණ අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තියට අනුව අධිකරණ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල උපයෝගී කරගෙන පිරිනැමෙන මෙම ගෞරවනීය තනතුර තුළින් සමාජ ප්‍රගමනය සඳහා  ප්‍රජා නායකයින් වශයෙන් කටයුතු කිරීමට බලය ලැබෙන අතර,‍ ජනතාවට බලපාන පොදු කටයුතු ප්‍රජා කටයුතුවලදි ප්‍රජා නායකයින් ලෙස කටයුතු කිරීමට මෙම තනතුර තුළින් ඉඩ කඩ සැලසෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

     

    සමාජයේ වෘත්තියකයන් වශයෙන් ගෞරවයට පාත්‍රවී සිටින ප්‍රජා සේවය සඳහා දායක වීමට කැමැත්තක් දක්වන ගෞරවනීය පුරවැසියන්ට මෙම සාම විනිසුරු පදවි පිරිනැමීම තුළින් ප්‍රජාව වඩාත් නිවැරදි මාර්ගෝපදේශණයකට යොමු කිරීමේ හැකියාවද වර්ධනය වන බැවින්, සාම විනිසුරු පදවියේ ද ගෞරවය හා කීර්තිය ආරක්ෂා වේ.

     

    එහි ඵලදායීතාවය ද ගුණාත්මකව වර්ධනය වන බව අවධාරණය කරන අධිකරණ අමාත්‍යාංශය කලාකරුවන් හා මාධ්‍යවේදීන් වැනි සමාජයට ඉහළ මෙහෙවරක් ඉටු කරන පිරිස සඳහා මෙම තනතුරු පිරිනැමීම සමාජයට ආදර්ශයක් වනු ඇතැයි අධිකරණ අමාත්‍යාංශය විශ්වාසය පලකරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya