මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුමන්ත්‍රණයක් කීම කණගාටුදායක හා පිළිකුල් සහගත ප්‍රකාශයක්- අමාත්‍ය එස්.බී දිසානායක

    ජූනි 08, 2016

    මුදල් අමාත්‍යවරයාට විරුද්ධව ගෙන එන විශ්වාසභංගයට බයේ කුමන්ත්‍රණකාරී ලෙස මයික්‍රෆෝන ක්‍රියාවිරහිත කළා යැයි මතයක් ගෙන යෑම කණගාටුදායක හා පිළිකුල්සහගත ප්‍රකාශයක් බවත් විශ්වාසභංගයට කොන්දෙසි විරහිතව සහාය පළ කරන බවත් සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය  එස්.බී දිසානායක මහතා පැවසී ය.

    අමාත්‍යවරයා  මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

     

    අද පාර්ලිමේන්තුවේ සිදුවීම හදිසියේ සිදු වූ තාක්ෂණික කාරණයක්.මෙය හිතාමතා, මුදල් අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට බයේ කුමන්ත්‍රණකාරී ලෙස කළා කියන මතයක් ගෙන යනවා. එය කණගාටුදායක හා ඉතා පිළිකුල් සහගත ප්‍රකාශයක්. මුදල් ඇමැතිවරයාට එරෙහිව ගෙන එන යෝජනාව, අපේ සභාපතිවරයා හදපු ආණ්ඩුවට ගෙන එන විශ්වාසභංග යෝජනාවක්.ඒ නිසා අපි කොන්දෙසි විරහිතව විශ්වාසභංග යෝජනාව පරාජය කරන්නට කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya