අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
පාර්ලිමේන්තුවේ ශබ්ද යන්ත්රණවල දෝෂයක් තිබෙනවා.අලුතින් මිලදී ගන්න මිලියන 135ක් භාණ්ඩාගාරයෙන් වෙන් කර තිබෙනවා.ටෙන්ඩර් කැදවා තිබෙනවා. ලබන සතියේ ඩෙන්ඩරය අවසන් වෙනවා. පක්ෂ නායක රැස්වීමේ දී මේ දෝෂ ගැන නිතර කතා කරනවා.පක්ෂ නායකයින් මේක ගැන දන්නවා. එය දැන දැනම කුමන්ත්‍රණයක් කියනවා.
ඒකාබන්ධ විපක්ෂයට මන්ත්‍රීවරු කීයද? 51ක් තියාගෙන ආණ්ඩුව පෙරලන්න පුළුවන්ද?මොනවටද අපි බයවෙන්නේ. අපි තුනෙන් දෙකේ බලයකින් විශ්වාසභංග යෝජනාව පරාජය කරනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.