මෙම සිද්ධිය තමන්ට සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ද අපහාස වන ලෙසින් ඉදිරිපත් කර ඇති බවත්, සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ දැනුම් දීමකට අනුව පසුගිය දා සිදුවූ වැටලීම සිද්ධ කළ බවත්, එම වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් සමඟ වනජීවී නිලධාරීන් සම්බන්ධ වී කළ බවත් සඳහන් කරන ලදි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුමිත් පිලපිටිය මහතා ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීමට හේතුව පසුගිය සතියේ දී අධිකරණය විසින් අත්අඩංගුවට පත්වූ අලීන් නැවත එම භාරකරුවන්ට භාර දෙන්නැයි දුන් තීත්දුව සම්බන්ධයෙන් කළකිරීමෙන් බව ද පැවසීය. එසේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම් වරයාට භාර දුන්න ද තවමත් අමාත්‍යවරයා විසින් එය භාර නොගත් බවටත්, වැඩිදුරටත් පැවසීය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තමන්ගේ ඡන්ද පදනම ද නොසළකා වනජීවී ලෝලියෙක් ලෙසට දඩයම්කරුවන් සහ නීති විරෝධී වනජීවී ජාවාරම්කරුවන් පිළිබඳ විවිධ තොරතුරු පුද්ගලිකව ලබා දෙන බවත්, එතුමන් විශේෂ කාර්යය බලකාය යොදවා වැටලීම් කොට පසුගිය කාලයේ දී වනජීවී ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත්, ඒ මහතා පැවසීය.
AP