හම්බෙගමුව, බලහරුව, උණකන්ද, වෙහෙරයාය, ඇතිලිවැව, සිරිපුර යන ප්‍රදේශවලදී මිනිසුන් ඝාතනයකර දේපලවළට අලාභහානි සිදුකළ මෙම වන අලියා මහත් පරිශ්‍රමයක් යොදා නිර්වින්දනය කර අල්ලා ගන්නා ලද්දේ වනජීවී නිලධාරීන්ගේ දකුණු පළාතේ අලි ඇල්ලීමේ කණ්ඩායම මගිනි.
මෙම වන අලියාගෙන් දිගින් දිගටම තර්ජන තිබෙන බව ප්‍රදේශවාසීන් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මියට දැනුම් දුන් අතර නියෝජ්‍ය අමාත්‍යවරියගේ උපදෙස් මත ඌව, මධ්‍යම කලාප වනජීවී පශු වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති මහතාගේ මෙහෙයවීම මත 21 දෙනෙකුගෙන් සමන්විත අලි ඇල්ලීමේ වනජීවී කණ්ඩායම මේ සඳහා සහභාගී වූහ.
අල්ලාගත් මෙම වන අලියා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට මේ වන විට රැගෙන ගොස් තිබේ.
මීට පෙරද ගම්වාසීන්ට තර්ජනයක්වූ වන අලියෙකු කුඩාඔය ප්‍රදේශයේදී අල්ලාගෙන හොරොව්පතාන අලිරැඳවුම් මධ්‍යස්ථානයට යොමු කිරීමට වනජීවී නිලධාරීන් සමත්විය.
ඉතා දුෂ්කර අවස්ථාවන්ට මුහුණදෙමින් ජීවිත අවදානමද නොතකා ගම්වාසීන්ට තර්ජනයක්වූ මෙම වන අලි අල්ලාගෙන අලි රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කිරීමට කටයුතු කළ වනජීවී නිලධාරීන්ට තම ප්‍රණාමය පුදකරන බව නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය පැවසුවාය.
AP