නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට වන විට කොස්ගම සියලු විදුලි සම්බන්ධතා යථා තත්ත්වයට

    ජූනි 08, 2016

    කොස්ගම සාලාව ප්‍රදේශවලට හෙට වන විට විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    පසුගියදා කොස්ගම සාලාව හමුදා කඳවුරේ ඇති වූ හදිසි තත්ත්වය තුළ ආරක්ෂිත පියවරක් ලෙස විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඉතා යුහුසුළුව ට්‍රාන්ස්ෆෝමර් 15ක පමණ විදුලිය විසන්ධි සිදු වූ බවත් එය නිවාස 5,000 ක පමණ ප්‍ර‍මාණයක් වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    මේ වන විට නිලධාරීන්ගේ දැඩි කැපවීම සහ ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ සහයෝගයෙන් එම ට්‍රාන්ස්ෆෝමර් 15 න් 10ක් පමණ විදුලිය ලබාදීමේ යථා තත්ත්වයට පත් කර තිබෙන බවත් ඉතිරි ප්‍රදේශයන්ට විදුලි ලබා දෙන්න  ආරක්ෂක හමුදාව විසින් ඒ ප්‍රදේශ නිරවුල් කරදීමෙන් පසු සිදු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    එම ප්‍රදේශයේ මාර්ගවල විදුලි කණු රැසක් යළි සෑදීමට තිබෙන පෙන්වා දුන් අමාත්‍යවරයා ඉතිරි ට්‍ර‍න්ස්ෆෝමර්ස් 05න් 4ක් කඩිනමින් යථාතත්වයට කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

     

    ඉන් අනතුරුව  විශේෂ ජලප්‍රවාහන මණ්ඩලයට අවශ්‍ය විදුලිය ලබාගන්න  හැකි වන බවත්  ඒ අනුව හෙට එය සම්පූර්ණ වනු ඇතැයි ද අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    සමහර ප්‍රදේශවලට අඩු වෝල්ටීයතාවක් ඇති විය හැකි බව සඳහන් කළ අමාත්‍යවරයා විවිධ උපක්‍ර‍ම භාවිතා කර විදුලිය ලබා දීම සිදු වන බව ද සඳහන් කළේය.

     

     කෙසේ වුවත් ආරක්ෂක හමුදාවේ නිසි අවසරය ලද වහාම ඉතා කඩිනමින් සියලු ප්‍රදේශවලට විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya