ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ආගම්වාදය අවුස්සමින් කටයුතු කරන ඇතැම් පිරිස්ද සිටින මේ කාලයේ සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ රාමසාන් සමයේ සිය උපවාස කාලය අරඹන වරාය අධිකාරියේ මුස්ලිම් බැතිමතුන් අමතමිනි.
සිංහල, දෙමළ, මුස්ලිම් භේද නොසලකා සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් බව සිතා සහයෝගයෙන් ක්‍රියාකිරීමෙන් සාර්ථකත්වය ළඟා කරගත හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
“ අපි සිංහල ද, මුස්ලිම් ද, දෙමළ ද කියන දේ පැත්තකින් තියලා අපි ශ්‍රී ලංකිකයින් ලෙස හැමදෙනාම හිතන්න ඕන. වරද කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් කවුරු වුණත් ඒ දේවල් නවත්වන්න අපිට පුළුවන් වෙන්න ඕන. මම දැක්කා අවුරුදු ගාණක් එකම තැනක සේවය කරන අය. කිසිම උසස්වීමක් ඔවුන්ට නැහැ. මීට කලින් කිසිම ක්‍රමවේදයක් වරායේ තිබුණේ නැහැ සේවකයින්ට ඉහළට යන්න. නමුත් දැන් අපි හදලා තියෙනවා සේවකයාට ඉහළට යන්න වැඩපිළිවෙලක්. මේ දේවල් වලට සමහරු කැමති නැහැ.....” යනුවෙන්ද අර්ජුන රණතුංග මහතා පැවසීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන මුස්ලිම් බැතිමතුන්ගේ සංඛ්‍යාව දහසකට අධික වේ. රාමසාන් මාසයේදී ඔවුන්ට ස්වකීය ආගමික චාරිත්‍ර ඉටුකිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇතිබව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුස්ලිම් මජ්ලිස්හි සභාපති අයි.එම්. හාරිස් මහතා පවසයි. මුස්ලිම් බැතිමතුන් සඳහා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දක්වන සහයෝගය අගය කරන බවද ඔහු කියා සිටියේය.
AP