නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිල්කෝ කර්මාන්ත ශාලාවේ අඩුපාඩු සොයා බැලේ

    ජූනි 07, 2016
                  
    අපගේ අමාත්‍යංශය යටතේ පවතින මිල්කෝ ආයතන තුළ පවතින අඩුපාඩු හා සේවාවන් වල ගුණාත්මක භාවය නංවා ශක්තිමත්ව ඉදිරියට ගෙනයන එක තමා අපගේ එකම අරමුණ.
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නාරහේන්පිට මිල්කෝ කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ය.
     
    මීට පෙර මා පොළොන්නරුව හා දිගන පිහිටි මිල්කෝ කර්මාන්ත ශාලාවලට ද ගියා ඒවගේ අඩු පාඩු සොයා බලන්න.
    මෙහිදී කර්මාන්ත ශාලාවේ පවතින භෞතික අඩුපාඩු මෙන්ම යන්ත්‍ර සුත්‍ර වල පවතින අඩුපාඩුත් අපි නිරීක්ෂණය කලා.එම අඩුපාඩු සියල්ල සපුරා දෙමින් මෙම ආයතන ලාභ ලබන තත්වයට ගේන්න තමයි අපි උත්සහ කරන්නේ.
     
    විශේෂයෙන්ම මිල්කෝ ආයතන කරන්නේ එකතු කරලා දෙන කිරි ටික ජනතාවට අවශ්‍ය ආකාරයෙන්ම සකස් කරලා දෙන එකයි. කිරි නිෂ්පාදනය වැඩි කිරිම සඳහා අපි දැනටමත් විදේශිය රටවලින් ගවයන් ආනයනය කරන්නයි.ඒ වගේම දේශීය වශයෙන් ඉන්න ගවයන්ව පෝෂණ තත්වය හොද මට්ටමකට ගෙනල්ලා පහසුකම් ලබා දිලා කිරි නිෂ්පාදනය වැඩි කරන්න ඒත් එක්කම වැඩි වැඩියෙන් කිරි ගොවියන් සඳහා සහන ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
     
    මේ රජය රු.60 ට තිබ්බ කිරි ලීටරය රු.70  දක්වා වැඩි කෙරුවා.ඒ වගේම තමයි ගොවීන්ගේ පැත්තෙන් අවශ්‍ය අනිකුත් සහන ලබා දෙන්න අපි කටයුතු කරගෙන යනවා.අපි හිතනවා ඒ තුලින් අපිට පුළුවන් වෙයි කිරි නිෂ්පාදනය වැඩි කරන්න.
    මේ අවස්ථාව සහා අමාත්‍යංශ ලේකම් රේනුකා ඒකනායක, මිල්කෝ සභාපති කිර්ති මිහිරපැන්න ඇතුළු අනිකුත් නිලධාරීන් පිරිසක් සහභාගි විය.
     
     AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya