කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ කාලගුණ නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ, ඌව සහ නැගෙනහිර පළාත්වල, විශේෂයෙන්ම සවස 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
තවද දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින් විට හමන තරමක තද සුළං බලාපොරොත්තු විය හැක.