නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරින් එකතු වූ කසළ ටොන් 6000ක් ඉවත් කෙරේ

    ජූනි 06, 2016

    ගංවතුරින් පසු කොළඹ දිස්ත්‍රික්කයේ එකතු වූ කසළ ටොන් 6000ක් පමණ පසුගිය දින පහ තුළ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඉවත් කර තිබේ.


    එකතු කළ කසළ තාවකාලිකව කොළොන්නාව කසල අංගනයට බැහැර කර තිබේ. කසළ එකතු කෙරෙන ප්‍රදේශ හඳුනාගෙන කුඩා ඒකක ලෙස සිතියම් ගත කර කසළ ඉවත් කිරීම සිදු කෙරේ.පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ගොතටුව, ටී.බී. ඉලංගරත්න ක්‍රීඩාංගනයේ පවත්වාගෙන යන මෙහෙයුම් මධ්‍යස්ථානයේන් කසළ එකතු කිරීමේ ප්‍රදේශ පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ක්ෂණික දූරකතන අංක දෙකක් 0112423146 සහ 0012302722 ස්ථපිත කර තිබේ.

     

    යුද හමුදාව, නාවික හමුදාව, පොලීසිය,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතන නිලධාරීන් 500ක් පමණ මෙම ව්‍යාපෘතියට එක්ව බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya