අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙන්තොට කුණු ප්‍රශ්ණයට තිරසාර විසඳුමක් සොයමු

    ජූනි 06, 2016
    “ කුණු ප්‍රශ්ණය කියන්නෙ අද ලෝකෙටම තියන පොදු ප්‍රශ්ණයක්. මම දන්නෙ කුණු එකතු වෙනව කියන එකයි ඒකට ප්‍රතිචක්‍රීකරණය කල යුතුයි කියන එකයි විතරයි. ඒත් ඒක කලයුතු ආකාරය ගැන මට අවබෝධයක් නැහැ. නමුත් ඒකට අවශ්‍ය වන්නේ සියලුම ජනතාවට සතුටුවියහැකි තිරසාර විසඳුමක් බව මම විශ්වාස කරනවා.” යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ  බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමක් අමතමිනි.
    කැළි කසළ නිසි පරිදි බැහැර නොකිරීමත් එම කසළ බෙන්තොට නගරය මධ්‍යයේ ගොඩ ගැසීමත් දීර්ඝ කාලයක සිට බෙන්තොට ජනතාව මුහුණ දුන් ප්‍රධාන ප්‍රශ්ණයකි. මෙහි වගකිවයුත්තා ලෙස බෙන්තොට ප්‍රාදේශීය සභාව වෙත ජනතාවගේ දෝෂාරෝපණය එල්ලවී ඇති අතර මේ වෙනුවෙන් ‍බෙන්තොට ජනතාව විරෝධතා පවත්වා අදාළ අංශ සියල්ලම දැනුම්වත් කර තිබේ. එහෙත් ඒ සියල්ල බීරි අලින්ට ගැයූ ගී ගායනා මෙන් වූ බව ජනතා මතය වී ඇත.
     
    මෙම ගැටලුව නිසි ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා ඊට තිරසාර විසඳුමක් ලබාදිමට පියවර ගන්නා ලදී. ඒ ඊට අදාළ සියලු පාර්ශව එක්කර බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශේෂ රැස්වීමක් පවත්වා විසඳුම් සෙවීම මගිනි. මෙම ගැටලුවට ලබාදියහැකි ක්ෂණික විසඳුම හා කාලිනව වැදගත් මෙන්ම දීර්ඝ කාලීනව වඩා ප්‍රතිඵලදායී විසඳුම් වෙනුවෙන් මෙහිදී යෝජනා ඉදිරිපත් විය.
     
    මෙම පිරිස අමතමින් විසඳුම් ලබාදියයුතු ආකාරය පිළිබඳව ඇමතිවරයා මෙසේද කීය “ මෙම කුණු කොයි ප්‍රදේශයකට ගිහින් දැම්මත් ජනතාව විරුද්ධ වෙනවා. ජනතා විරෝධය තිබියදී කුණු ඒ ප්‍රදේශ වලට ගෙනිහින් දමන්න බැහැ. මේක විසඳගන්න පුලුවන් ක්‍රමයක් පමණයි අපට අවශ්‍ය. මිනිස් ජීවිත වටිනවා. ඒක එක ජීවිතයක් වුනත් එකයි ජීවිත රැසක් වුනත් එකයි. කාටවත්ම අසාධාරණයක් වෙන්න බැහැ මේකෙදි. හැමදෙනාටම සාධාරණයක් වෙන පරිදි මේව විසඳන්න හැකි ක්‍රමයක් යෝජනා කරන්න.” යයි ද පැවසීය.
     
    මෙම අවස්ථාවට දිස්ත්‍රික් ඉංජිනේරු කේ. එම්. සම්පත්, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ , දකුණු පළාත් මන්ත්‍රී ජයසිරි නානායක්කාර, ප්‍රාදේශීය සහාවේ හිටපු විපක්ෂ නායක නිලන්ත මැදගොඩ  යන මහත්වරුන්ද  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂිකා ඇතුලු ග්‍රාම නිලධාරීන් මෙන්ම   සහ බෙන්තොට පරිසර සුරැකීමේ ඒකාබද්ධ සංගමයේ නිලධාරීන් සහ නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් එක්වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya