අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර

    ජූනි 06, 2016

    ලංකාවේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල අඩුපාඩු සොයමින් එය නිවැරදි කිරීමට ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස  තමා මේ දිනවල පියවර ගනිමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 145ක් වැය කරමින් අංග සම්පූර්ණ අන්දමින් ඉදි කළ කළුතර දොඩංගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සව සභාවට එක් වෙමිනි.

     

    එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගය තැනීම සඳහා සියලු ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් කර තිබූ බවත්, තමන් තැබූ මුල්ගල ඉකුත් පාලනය එය විවෘත කරන විට ගලවා විසිකර දැමුවද  අප එවැනි කටයුතු සිදු කිරීමට තරම් පහත් දේශපාලනයක් නොකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

     

    රනිල් වික්‍රමසිංහ මහතා එදා කර්මාන්ත ඇමති ලෙස කොග්ගල නිදහස් වෙළඳ කලාපය ආරම්භ කළ බවත්  ගාල්ලට, කළුතරට අලුත්  කර්මාන්ත කලාප ඇති කිරීමට රජයක් කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

     
    මේ අවස්ථාව සඳහා වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya