අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෙවතු පන් ලක්ෂයේ වැඩ සටහනට කෑගල්ල එක් වේ.

    ජූනි 04, 2016
    කෘෂි කර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ගෙවතු පන් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩ සටහන කෑගල්ල දිස්ත්‍රික්කය තුළත් ආරම්භ කිරිමට අවශ්‍ය සැලසුම් සැකසෙමින් පවතින බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එම්. අබේවික්‍රම වනසුරිය මහතා පවසයි. 
    පසුගියදා පැවැත්වු කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී මෙම කරුණු අනාවරණය කෙරිණි. 
     
    මෙහි ප්‍රධාන අරමුණු අතර පවුලේ පෝෂණය ගෙවත්තෙන් සපුරා ගැනීම , ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය, ආහාර පරිභෝජන රටාව දියුණු කිරිම, භූමි ඵලදායිතාවය වැඩි දියුණු කිරිම, ආහාර වියදම අඩු කිරිම, කෘෂි කර්මාන්තය පරිසර හිතකාමී කිරීම  ආදිය වේ.
     
    එක් ගමකින් කාන්තාවන් 20 දෙනෙකු මේ සදහා තේරා ගැනේ. කෘෂි උපදේශක, දිවි නැගුම, ගොවි සංවිධාන නියෝජිතයින් තෝරා ගැනිමේ කමිටුව ලෙස කටයුතු කරයි. 
     
    එක් ගෙවත්තක් සදහා රුපියල් 550 ක් වටිනා පළතුරු පැල, එලවළු වර්ග 6 ක් ඇතුලත් ගෙවතු බීජ කට්ටලයක් ,එළවළු තවාන් පැල ආදිය ලබා දිමට නියමිතය. 
     
    මෙය ජාතික වශයෙන් ක්‍රියාත්මක වැඩ සටහනක් බැවින් කැගල්ල දිස්ත්‍රික්කයට අවශ්‍ය පැල ප්‍රමාණය පිළිබදව විධිමත් තොරතුරු ලබා ගනිමින් පවති. 
     
    AP/DMU- Kegalle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya