මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරයා ජාත්‍යන්තරව මෙරට කීර්ති නාමය ගොඩනැගුවා - ඇමැති මහින්ද සමරසිංහ

    ජූනි 03, 2016

    ලෝකයේ ආර්ථික වශයෙන් බලවත්ම රටවල් හතක සහභාගිත්වයෙන් පැවති G 7 සමුළුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවීමට ආරාධනා ලැබීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් කිරීම පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (03) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

     

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත් වූ දිනයේ සිට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පැවති යහපත් හැසිරීම  තුළ එතුමාට ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් හිමි වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    2006 සිට ජිනීව මානව හිමිකම් කවුන්සලට සහභාගි වූ තමාට එම කාලයේ ඒ ඒ රටවල විදේශ ඇමැතිවරයෙක් හමුව වීමට පවා අපහසුතාවක් තිබුණු බවත් දැන් වන විට එම තත්ත්වය වෙනස් වී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    මෙම බලවත් රටවල්වලට මෙරටින් විශාල ආර්ථික ප්‍රතිලාභයක් හිමි නොවන අතර ශ්‍රී ලංකාව වැනි රටකට ආර්ථික වශයෙන් බලවත් රටවල ආර්ථික හැසිරවීම බලපෑමක් වන බවත්  ස්වාධින රටක් ලෙස මිත්‍රශීලි විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන අතර ඉන් කිසිදු අවස්ථාවක විදේශයකට යටත් වී මෙරට පාලනය කිරීමට සූදානම් නැති බවත් අමාත්‍යවරයා අවධාරණය කර කළේය.

     

    රටේ ප්‍රධාන පක්ෂ දෙක එක් වී සම්මුතිවාදී රජයක් පිහිටුවා ගනිමින් දේශපාලන ස්ථාවරභාවයකින් කටයුතු කිරීම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට පත් වී තිබෙන බවත් මෙරට කීර්ති නාමය බින්දුවට වැටී තිබුණු අවස්ථාවක එය ක්‍රමානුකූලව ගොඩනැගීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    "මෑත ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයෙක්  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙන් තමන් සතු විධායක බලතල පරිත්‍යාග කළේ නැහැ.එතුමා අධික වියදම් දරමින් විදේශ ගමන් වලට සහභාගී වුනේ නෑ.වරක් බ්‍රිතාන්‍ය නිවේදකයෙක් එතුමාව හඳුන්වා දුන්නේ දුෂණයට විරුද්ධව කටයුතු කරන චැම්පියන්" ලෙසයි. එය ජනාධිපතිතුමාට මෙන්ම අපේ රටට ජනතාවට ගෞරවය හිමි කර දෙන්නක්" යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya