අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා හානි සදහා දත්ත පද්ධතිය සැකසීම 20 ට පෙර

    ජූනි 03, 2016
    කෑගල්ල දිස්ත්‍රික්කයට ඇති වු නාය යෑම හා ගංවතුර හේතුවෙන් අවතැන් පුද්ගලයින් පිළිබදව හා දේපොල නිවාස හා සියළුම දේ පිළිබදව විශ්ව විද්‍යාල සමිති සම්මේලනය මගින් සිදු කරනු ලබන තොරතුරු හා දත්ත එකතු කිරිමේ සමීක්ෂණය 20 දිනට ප්‍රථම අවසන් කිරිමට හැකි බව විශ්ව විද්‍යාල සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය රංගික හල්වතුර මහතා පවසයි.
    විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය හා කෑගල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ගේ හමුවකදී හල්වතුර මහතා මෙම අදහස් දැක්වීය.
     
    විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සමිමේලනය, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවද සහාය කරවාගෙන ස්වේච්ඡාවෙන් මෙම දත්ත පද්ධතිය සැකසීම සිදු කරනු ලබයි. 
     
    මේ පිළිබදව අදහස් දැක්වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම්. අබේවික්‍රම වනසූරිය මහතා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සිදු කරනු ලබන මෙම දත්ත පද්ධතිය සැකසීම හා  මොවුන්ගේ  කැපවීම  ඉතාමත් අගය කල යුත්තක් බවත් පැවසීය.
     
    එසේම කෑගල්ල දිස්ත්‍රික්කය නගා සිටුවීමේදී මෙම දත්ත පද්ධතිය මනා පිටු වහලක් වන බවද පැවසීය.
     
     මෙම අවස්ථාවට කේ. කරුණාතිලක , කෑගල්ල අතිරේක  දිස්ත්‍රික් ලේකම්වරුන් වන රුක්මනි ආරියරත්න, ප්‍රභාත් උදාකර  යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වුහ.  
     
    AP/DMU-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya