අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවස වැසි ඇතිවෙයි -කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    ජූනි 03, 2016

    දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් මන්නාරම දිස්ත්‍රික්කයේද ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (03) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    ඌව සහ නැගෙනහිර පළාත් වල, විශේෂයෙන්ම සවස 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    තවද දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල) සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

            

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya